Saturday, February 23, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක් අරඹයි - හේතුව මෙන්න

6331Views

මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා ඔහු රඳවා තිබෙන අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ.

ඊයේ දවල් 12.00 සිට නිරාහාරව සිටිමින් ඔහු මෙම උපවාසය ආරම්භ කොට ඇති බව අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු පැවසීය

මහනුවර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින තමන්ට ඇප ලබා දෙන ලෙසට බල කර සිටිමින් ඔහු මෙම උපවාසය ආරම්භ කර තිබේ