Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ළමයින් සිරවූ තායි ගුහාව කෞතුකාගාරයක් වෙයි. ගලවා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියාගෙන් අපූරු වැඩක්

6978Views

පසුගිය දින කිහිපය තුලම ලොව පුර අවධානයට ලක් වුනු  තායිලන්ත ගුහාවේ සිරවී සිටි දරුවන් බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුම ගුහාව තුල සිරවී සිටි සියළු දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනීමෙන් අනතුරුව සාර්ථකව නිමකලා. එම මෙහෙයුම අවසන් වුවද තායිලන්තයේ තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය පිළිබඳව නැවතත් ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා.

ඒ ළමුන් සිරවී සිටි ගුහාව කෞතුකාගාරයක් බවට පත්කිරීමට යන බව ප්‍රකාශ වීමත් සමඟයි. මේ සම්බන්ධයෙන් එම මෙහෙයුමේ ප්‍රධාන ගලවා ගැනීමේ නිළධාරී Narongsak Osottanakorn මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී යොදාගත්  ඇඳුම් හා උපකරණ ප්‍රදර්ශනය කිරීම සඳහා එම ගුහාව  කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරන බවයි.

එසේම ඒ තුලින් අදාල ගුහාව කෙරෙහි වැඩි සංචාරක ආකර්ශනයත් යොමුකරගත හැකි බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.

මේ අතර ගුහාවේ සිරවී සිට බේරා ගනු ලැබූ ළමා පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු සම්බන්ධයෙන් හොලිවුඩ් චිත්‍රපටයක් තැනීම සදහා අමෙරිකානු චිත්‍රපට කණ්ඩායමක්ද සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.