Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දකුණු අප්‍රිකා වේග පන්දුවට ලක් පිතිකරුවෝ අසරණ වෙද්දී දිමුත් කරුණාරත්නගෙන් සුපිරි ශතකයක් - ඩේල් ස්ටේන් වාර්තාවක් අභියස

7478Views

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8වන ශතකය රැස් කිරීමට ආරම්භක පිතිකරු  දිමුත් කරුණාරත්න අද (12) සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භ වූ තරඟයේදීයි.

පන්දු  160   කින් වාර්තා වූ දිමුත් කරුණාරත්නගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුණා.

කෙසේ වෙතත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ශ්‍රීලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 8ක් දැවී ලකුණු 202 ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් වාර්තාවක් අභියසටම පැමිණ තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමටයි.හිටපු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෙකු වූ ෂෝන් පොලොක් මෙම වාර්තාවට හිමිකම් කියන අතර ඔහු බිඳහෙලා ඇති ටෙස්ට් කඩුලු ගණන 421ක්.

ඒ අනුව දැනට ටෙස්ට් කඩුලු 420ක් දවාගෙන සිටින ඩේල් ස්ටෙන්ට් එම වාර්තාව පසුකර යාමට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 2ක් පමණයි.