Monday, August 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සීසීටීවී දර්ශන දහස් ගණනක් පරීක්ෂා කර මග මරුවා හරියටම සොයාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ සුපිරි වැඩකාරයා ! පොලිසියට සහය වෙමින් සිසුවා කල මෙහෙයුම

36741Views

තරුණයෙකු ජීවිතක්ෂයට පත්කරමින් සහ තවත් අයෙකුට තුවාල සිදු කරමින් පසුගියදා ගාල්ල, දෙවට කඩවත පාලම මතදී අනතුරක් සිදුකර පලාගිය ලොරි රථ රියදුරා සහ එම ලොරි රථය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මේ අතර අදාළ ලොරි රථය සහ එහි රියදුරා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට ගාල්ල මහින්ද විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ  ඉගනුම ලබන සිසුවෙකුගෙන්ද විශාල සහයක් ලැබී තිබීම විශේෂත්වයක්.  ගාල්ල වරාය පොලිස් ස්ථානාධිපති පී.එම් දුමින්ද කුමාර මහතා සඳහන් කරන්නේ  පසිදු ප්‍රභාත් වල්පිටගමගේ නමැති එම සිසුවා විසින් අදාල මෙහෙයුමේදී විමර්ෂණ කටයුතු සඳහා, ගාල්ල දෙවට ප්‍රදේ්‍ශයේ සිට කොළඹ දෙසට ඇති නිවාස වලින් ලබා ගත් සීසීටීවී දර්ශන දහස් ගණනක් පරීක්ෂා කිරීමට සිය දායකත්වය ලබා දී ඇති බවයි.

අනතුර සිදුවූ දිනයේ සිට ගාල්ල වරාය පොලිස් ස්ථානාධිපති පී.එම් දුමින්ද කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් දින හතරක් පුරා ගාල්ල දෙවට ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ඇති නිවාස සහ වෙළද ආයතනවල සවිකර තිබු සීසීටීවී දර්ශන පරික්ෂා කරමින්  පා ගමනින් ගොස් තිබෙනවා. එහිදී ලබා ගන්නා ලද දර්ශන පරිගණක තාක්ෂණය ඔස්සේ එම සිසුවා වෙත එවා ඇති අතර ඔහු සිය පරිගණක තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් ඒවා පරීක්ෂා කර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී පසිදු ප්‍රභාත් සිසුවා දැක්වූ සහය ගාල්ල මහින්ද විදුහලේම ආදි සිසුවෙකු වන තමාටද  විශාල ආඩම්බරයක් බව ගාල්ල වරාය පොලිස් ස්ථානාධිපති පී.එම් දුමින්ද කුමාර මහතා පැවසූ අතර  එම සිසුවා ගාල්ල වරාය පොලිසියේ සැරයන් පේමරත්න මහතාගේ පුතෙකුද වනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන්  පසිදු ප්‍රභාත් වල්පිටගමගේ සිසුවා මෙලෙස අදහස් දැක්වූවා.

"පසුගිය 09 වැනි දා සිට ගාල්ල බෙන්තර අලුත්ගම දක්වා මාර්ග දෙපස නිවාස වල හා වෙළෙදසැල්වල ඇති සිසිටිවි කැමරා වල දර්ශන පොලිසිය මා වෙත ලබා දුන්නා  ඒ මාගේ තාත්තා හරහා. මේ අනුව මම දිනපතාම ඒ දර්ශනවල ඇති වාහනවල දර්ශන එකින් එක බලමින් අනතුර සිදුවු වේලාවට සමගාමිව එදින කොළඹ දෙසට ගමන් ගන්නා වු වාහන වල දර්ශන පරික්ෂා කලා. මට ලබාදුන් දර්ශන අනුව, මා අත්තර්ජාලයේද පරිගණක තාක්ෂණය ද ගූගල් තාක්ෂණයද භාවිතා කරමින් අනතුර සිදුකල වාහනයට සමාන වාහනයක් හදුනා ගත්තා පසුව මා සිදුකලේ ඒ වාහනයට සම්බන්ධ රථයේ අංකය හා රථයේ බදෙහි සටහන් කළ ආයතනයක හෝ නැතිනම් වෙනත් කර්මාන්ත ශාලාවක හෝ පුද්ගලික රථයක් ද  කියා වාහනය පරික්ෂා කිරිමයි. පසුව වාහනයේ අංකය  හා  වාහනයේ වර්ගය සොයාගෙන ඒ තොරතුරු පොලිසියට දුන්නා ඒ අනුව, ඒ අංකය හා වාහනයේ ලිපිනය ආදිය පොලිසිය විසින් සොයාගත්තා ඒ අනුව යළිත් මෙය සිසිටිවී දර්ශන ඔස්සේ පරික්ෂ කළ ඒ අනුව නිසැකවම අනතුර සිදුකර බලාගිය වාහනය බව තහවුරු කරගෙන තවත් තාක්ෂිණික ක්‍රම කිහිපයක්ම හරහා මෙය තහවුරු කරගෙන වාහනය නිවැරදිවම සොයා ගත්තා".

"මේ සඳහා සිසිටීවී කැමරා දර්ශන දෙසිය පනහක් තුන්සියක් අතර ප්‍රමාණයක් විවිධ කෝණ ඔස්සේ පරික්ෂා කර තමයි නිවැරදිව පලාගිය වාහනය සොයා ගත්තේ. පසුව, ගාල්ල වරාය පොලිසිය විසින් මේ තොරතුරු මත කොළඹ වාහන අංගන විශාල ප්‍රමාණයක් පරික්ෂාකර අදාළ වරද සිදුකර පලාගිය වාහනය හා රියදුරු නිවැරිදිවම සොයා ගත්තා".

"මමයි අම්මයි තාත්තයි විතරයි අපේ පවුලේ ඉන්නේ. තාත්තා ගාල්ල වරාය පොලිසියේ.  අම්මා ගාල්ල ධීවර සමුපකාර අංශයේ රස්සාවක් කරනවා. අම්මා තාත්ද ලබාදෙන සහයෝගය ඉහළයි.   මම තොරතුරු තාක්ෂණය තමයි පාසලේ විෂයක් වශයෙන් සිදු කරන්නේ. මේ අනුව, මට මගේ යම් යම් අධ්‍යපන කටයුතු සඳහා ද මෙය යම් ප්‍රායෝගික පුහුණුවක් උනා. මගේ පාසලේ ගුරුවරු පන්තියේ විෂය ගුරුවරු විදුහල්පතිතුමාගේ උපදෙස් මත අපිට පාසලේ හොඳට පාඩම් කියා දෙනවා. ඒ යටතේ තොරතුරු හා තාක්ෂණ විෂයද ඇතුළත් වෙනවා.අනාගතයේදි තොරතුරු තාක්ෂණය යටතේ ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ"

 

YOU MAY ALSO LIKE