Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කළාකරුවන් රැසක් එකතු වූ ජෝති ගී ප්‍රසංගය (PHOTOS)

4203Views

සිංහල සිනමාවේ අසහාය ගායන ශිල්පියා ලෙස විරුදාවලිය ලත් එච්.ආර්.පෝතිපාල ගේ 31 වැනි ගුණ සැමරුම වෙනුවෙන් පසුගියදා බොහෝ ප්‍රසංග පැවැත්වුනා. ‍1988 වසරේ පෙබරවාරි මස 12 වැනි දා මාලිගාවත්තේ ‍ජෝති පිළිරුව නිරාවරණය කරමින් එදා  විජය කුමාරතුංග මහතා පැවසුවේ ජෝති යනු සියලු ජාතින්ගේ ගායන ශිල්පියා  බවත්, මනුෂ්‍ය ජාතිය පිනවීම ඔහුගේ කාර්යය වූ බවයි. තවත් වරකදී භාරතයේ ලෝක පූජිත භාරතීය ගායන හඩ මොහොමඩ් රාෆ් දිවයිනට පැමිණ අවස්ථාවක පැවසුවේ" ජෝති ඉපදෙන්නට තිබුණේ ලංකාවේ නොව භාරතයේ බවයි".භාරත සිනමාවේ මහා ගායකයා බවට මොහොමඩ් රාෆ් බවට පත්වන විට සිංහල සිනමාවේ ගායන පෞරෂය බවට පෝති පත් විය.

මේ අසහාය  ගායන ලොවේ මහා පෞරෂය එච්.ආර්.‍ජෝතිපාල සැමරුම හා ජෝති ගැයූ ගී ප්‍රසංගය මහරගම තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පසුගිය දා පැවැත්වුණා.  එච්.ආර්.‍ජෝතිපාල කලාකරුවානන් සිංහල සිනමා කේෂත්‍රයට කළ අනුපමේය මෙහෙවර වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ  ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ විසින් මෙම සංදර්ශනය හැඩ ගැන්වීම පිණිස  පූර්ණ දායකත්වය ලබා දී තිබුණු අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය සහ වාදක මඩුල්ල මෙහෙයවනු ලැබුවේ  විශාරද නුවන් සමරසිංහ විසින්. 31 දෙනෙකුගෙන් සමන්විත" යූත් එක්ස් ට්‍රීම් "සංගීත කණ්ඩායම ජෝති සිනමා ගී ප්‍රසංගය සංගීතවත් කළ අතර ජාතික තරුණ සේවා සභාවේ මොහාන් ලසන්ත නිවේදනයෙන් දායක වුනා.ජනප්‍රිය නළුනිළියන් හා ගායක,ගායිකාවන් 31 දෙනෙකු ගී ගැයූ මෙම ප්‍රසංගයේ සියළුම ගීත චිත්‍රපට ගීත විමද විශේෂත්වයක්. 

රවින්ද්‍ර රන්දෙනිය,ක්ලිටස් මෙන්ඩිස්,සාරංග දිසාසේකර,සුප්‍රියා අබේසේකර,ටෝනි හසන්,චන්න පෙරේරා, නුවන් ගුණවර්ධන,නිලන්ති ඩයස්,විශ්ව කොඩිකාර, වර්නන් පෙරේරා, ජයන්ත රත්නායක,වෝල්ටර් ප්‍රනාන්දු,රොනී ලීච්,දිනේස් ප්‍රියසාද්, රෝජර් සෙනෙවිරත්න,අමාල් එදිරිමාන්න, වජිර එදිරිමාන්න,ඉමාල් ජූඩි, අමිලා නදීශානි, මුතු තරංගා ,ඒ.කේ සුරේන්ද්‍ර, ලලිත් පොන්නම්පෙරුම,උපසේන සුභසිංහ,චරිත් කේ .අබේසිංහ, දිනක්ෂි ප්‍රියසාද්, ඇතුළු ජනප්‍රිය ශිල්පීන් රැසක් මේ සඳහා ගායනයෙන් එක්වී සිටියා. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන -ටී.කේ.මහින්ද      ඡායාරූප -රසික සංජීව