Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ක්‍රීඩකයෝ 44ක් ක්‍රීඩා කරද්දී 40ක් බංකුවේ, මෙහෙම කළා නම් රට දිනුම්" ක්‍රිකට් ආයතනය කරපු මෝඩ වැඩක් හරිගස්සන හැටි මහේල කියයි! (PHOTOS)

20034Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි විස්ස තරගාවලිය එලබෙන 21 වෙනිදා ආරම්භ වීමට නියමිතය. මේ සදහා ගාල්ල, කොළඹ, දඹුල්ල සහ මහනුවර ලෙස කණ්ඩායම් හතරක් සහභාගී වේ. කණ්ඩායම් හතර සදහා නම් කර තිබෙන ක්‍රීඩකයන් ගණන එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 21ක් බැගින් 84කි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.  මෙහිදි දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම අවස්තාව නොදි ඒ සදහා වෙනත් හිතවත්කම්මත ඇතැම් ක්‍රීඩකයන්ට අවස්තාව ලබා දී ඇතැයි යන්න ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුවට එල්ල වෙන විශාල චෝදනාවකි.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව බොහෝ අත්දැකීම් සහිත ප්‍රවීනයෙක් වන මහේල ජයවර්දන මෙම ලීගය සංවිධානය කළ ක්‍රමය වැරදි බව පවසනවා. මහේල පවසන්නේ මෙම ලීගයේ ක්‍රීඩකයන් 44ක් ක්‍රීඩා කරද්දී ක්‍රීඩකයන් 40ක් බංකුවේ සිටිනා බවයි.

මේ නිසා තවත් කණ්ඩායම් දෙකක් මෙම තරගාවලියට එක් කළා නම් එම ක්‍රීඩකයන්ටද ක්‍රීඩා කිරීමට අවස්තාව හිමිවන බව මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමේ සටහන් කරනවා. මේ සදහා ප්‍රතිචාර  දැක්වූ ක්‍රිකට් රසිකයන් පවසා තිබුනේ මෙවැනි සරල දෙයක් හෝ වටහා ගත නොහැකි පුද්ගලයන් ක්‍රිකට්‍ පරිපාලනයේ සිටිනා නිසා ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දිනම පරිහානියට පත්වන බවයි.

මහේල තැබූ ට්විටර් සටහන පහතින්,


 

 

YOU MAY ALSO LIKE