Tuesday, October 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඔන්ලයින් ණය ලබාදීමේදී මූල්‍ය වංචාවන්ට එරෙහිව නව ක්‍රියාමාර්ග රැසක්!

3970Views

ඔන්ලයින් මගින් කෙටි කාලීන මූල්යමය ණය පහසුකම් ලබා ගැනීමේ මුවාවෙන් පුද්ගල නම්, හැදුනුම්පත් අංක සාවද්‍ය ලෙස භාවිතා කරමින් වංචනික කටයුතුවල නිරතවූ පුද්ගලයින් පිරිසක් මිද්දෙණිය ප්‍රදේශයේදී පසුගියදා අත් අඩංගුවට පත් විය. එයට හේතු වූයේ අන්තර්ජාලය ඔස්සේ ණය මුදල් ලබාගෙන වංචනික ලෙස ණය පියවීමේ කටයුතු සිතාමතාම පැහැර හරින බව ආයතනය අවබෝධ කර ගැනීමෙන් පසු ඇරැබුණ පරීක්ෂණවලදීය. එහිදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් එම පිරිස අත්අඩංගුවට ගෙන දඩ මුදල් හා ණය මුදල් නැවත අයකර ගැනීමට කටයුතු කරන ලදී.

කෑෂ්වැගන් ආයතනයේ මෙරට ප්‍රධානි සමිල ප්රනාන්දු ප්‍රකාශ කළේ ශ්රී ලංකාවේ ජන සමාජයේ යහපත වෙනුවෙන් සිදු කරන මෙම ව්‍යාපාරය මූල්‍ය අපරාධකරුවන්ගේ ඉලක්කයක් වීම ගැන බෙහෙවින් කණගාටු වන බවයි. මූල්‍ය වංචාකරුවන් සොයා ගැනීීමට උපකාර කළ සියලූ දෙනාට තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත්, මේ වන විට කෑෂ්වැගන් ණය දීමේ ක්රියා පටිපාටිය වෙනස් කර වංචා සිදු වීමේ අවස්ථා වැළැක්වීමේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් කෑෂ්වැගන් ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ වෙනත් පුද්ගලයෙකුගේ අනන්යතාව භාවිතා කරමින් ණය ආපසු ගෙවීම පැහැර හැරීම නීතියට පටහැනි බව මහජනතාවට මතක් කළ යුතු බවයි. ණයක් සඳහා අයැදුම් කරන විට කොන්ත්‍රාත්තුව හා ආපසු ගෙවීමේ සැළැස්ම අනුව කටයුතු කිරීම සඳහා අදාළ පුද්ගලයා බැදී සිටියි. එසේ කිරීමට අසමත් වුණොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිය.
 

YOU MAY ALSO LIKE