Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

විනාඩි තුනක් විතර Fire Alarm එක වැදුනා - එයාලා කිවුවා ප්‍රශ්නයක් නෑ කියලා..! වෙළඳසැළේ ගින්න ගැන පාරිභෝගිකයෙකු කතාකරයි

17171Views

අද (11) පෙරවරුවේ බත්තරමුල්ල - පැළවත්ත මංසංධිය ආසන්නයේ පුද්ගලික රෙදිපිළි අළෙවි සැළක ඇති වූ ගින්න විශාල පරිශ්‍රමයකින් පසු මැඩ පැවැත්වීමට කටයුතු කළා. කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මෙන්ම ගුවන් හමුදාවේද සහය ඇතිව ගින්න මැඩපැවැත්වූ අතර එම අවස්ථාවේදී වෙළඳසැළ තුළ සිටි  පාරිභෝගිකයින් ඉක්මනින්ම ඉන් ඉවත් වීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ගින්න හටගත් අවස්ථාවේදී වෙළඳ සැළේ ගිනි අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇති අතර ඒ අනුව පාර්භෝගිකයින් ආරක්ෂිතව ඉවත් වී තිබෙනවා. කෙසේ නමුත් ගිණි ගැනීම සිදුවන අවස්ථාවේදී එම ආයතනයේ සේවකයින්ගේ දැනුවත් භාවය පිළිබඳ ඇතැම් පාරිභෝගිකයින්ගේ අප්‍රසාදයට ලක්වී තිබුණා.

ගිණි ගැනීම සිදුවන අවස්ථාවේදී එම වෙළඳසැළ තුළ සිටි පාරිභෝගිකයෙකු නෙත් ගොසිප් සමගින් මෙලෙස අදහස් දැක්වුවා.