Tuesday, October 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන පනත පාර්ලිමේන්තුවේ සම්මතයි, බුද්ධි අංශ රණවිරුවන්ගේ වැටුප් ගෙවීම නවතා දමලා" පාර්ලිමේන්‍තුවම නිහඬ කළ කතාව! (VIDEO)

33581Views

කොටි ත්‍රස්තවාදි සංවිධානය ශ්‍රී ලංකාවට සිදු කළ විනාශය සුලුපටු නොමැත. දශක තුනක් තිස්සේ යුධ වදිමින් සාමාන්‍ය සිවිල් ජනතාව පවා ඝාතනය කළ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ භීෂණය වැපිරූවේය. මේ අතර ඊයේ දින (11) පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකින් එම කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට මහජනතාවගේ බදු මුදල් යොදා ගැනීමට නියමිත බවට චෝදනා එල්ල වේ.

මේ අනුව 2015 මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය එකග වූ 30/1 යෝජනාව අනුව පාර්ලිමේනතුවට ඉදිරිපත් කළ “හානි පුර්න සදහා වන කාර්යාල“ පනත වැඩි ඡන්ද 16තින් සම්මත විය. එහිදි ඊට පක්ෂව ඡන්ද 59ක් සහ විපක්ෂව 42ක් ලැබුණි.

මෙම පනත මගින් පිහිටුවන කාර්යාලය හරහා යුද්ධයේදී මියගිය කොටි ත්‍රස්තතවාදින්ට වන්දි ගෙවීමට ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවට සිදුවන බවට ඊට එරෙහිව මත ප්‍රකාශ වේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පනතට විරුද්ධව දැඩි ලෙස විරෝධය පළ කළහ. මෙම පනතට විරුද්ධව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම පනතට අනුව කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට නියමිත බවත්, රජය විසින් බුද්ධි අංශ රණවිරුවන් 14 දෙනෙකුගේ වැටුප් ගෙවීම නවතා දමා තිබෙන බවත් ය.

මේ පිළිබදව සමාජජාලා වල අදහස් දක්වන සමාජජාලා ක්‍රියාකාරීන් පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන් ඝාතනය කළ කොටි ත්‍රස්තයන්ට වන්දි ලබා දීමටත්, ඒ සදහා තමන්ගේ බදු මුදල් යොදා ගැනීමත් තරයේ හෙළා දකින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවස්තාවේ වීඩියෝව පහතින්,

 


 

YOU MAY ALSO LIKE