Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හදිසියේම රනිල් මෛත්‍රී හමුවෙයි - ඉන්දීය සංචාරයේ තොරතුරු ගැන අගමැති ජනපතිට කියයි..!

1353Views

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති බව වාර්තා වනවා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නිරතවුනු ඉන්දීය සංචාරයේ තොරතුරු සහ  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ප්‍රකාශ කරන ලද කරුණු කාරණා අග්‍රමාත්‍යවරයා විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

පැය භාගයක පමණ කාලයක් මෙම හමුව පවත්වා ඇති අතර මෙම හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් සහභාගි වී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී  එරෙට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ඡා පිළිබඳවද  අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන්.

මෙම හමුවේදී ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර එහිදී පැමිණි එකඟතා අද (23) පැවැත්වෙන කැබිනට් හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත ඇති බවයි සඳහන් වන්නේ.

YOU MAY ALSO LIKE