Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රනිල් මෛත්‍රී හදිස්සියේ හමුවෙයි..දෙසැම්බර් 15 පසු රටේ දේශපාලනය තීරණාත්මක වන හැටිත් හෙළිවෙයි!

6087Views

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඊයේ (22දා) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ.

පැය භාගයකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් සහභාගි වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සැලකළ කරුණු මෙහිදී අග්‍රමාත්‍යවරයා විසින් ජනාධිපති සිරිසේන මහතාට දැනුම්දී ඇති බවද වාර්තාවේ.

එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවත් වාර්තාවේ.

මේ අතර, රටෙහි ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතිනවා යන්න සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම රටේ ජනතාවට ඇති කරන්නේ විශාල කුතුහලයක් බවත් රටෙහි ප්‍රධාන පුරවැසියාගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට මෙතරම් ප්‍රමාද වෙනවා නම් සාමාන්‍ය ජනතාවගේ නීතිමය ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම පිළිබඳව ජනතාවට බලවත් ගැටලුවක් පැනනඟින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජක්‍ෂ මහතා පවසයි.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ඉතා බරපතළ කාරණයක් බවත්, එහි පරීක්‍ෂණ මීට වඩා කඩිනම් විය යුතු බවත් ඒ මහතා පැවැසීය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය

ජනාධිපතිවරයා වගේම හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත්, මාවත් ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් පිළිබඳව හෙළිදරව්වීමක් සිදුවුණා. වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කරන්නට යනවා යැයි කීම බරපතළ දෙයක්. මොකද එතුමා දැන් රටේ ජනාධිපතිවරයා.අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් අපි මේ වන විට විද්වත් කමිටු පිහිටුවලා තිබෙනවා. මේ ආණ්ඩුව පෙරළා දමීමට සියලු පෙරමුණු එකතු වෙලයි ඉන්නේ. ඒකාබද්ධ විපක්‍ෂයත් ඊට සූදානම්. එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු කාලය දේශපාලනයේ තීරණාත්මක කාලයක් බවට පත්වේවි යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

YOU MAY ALSO LIKE