Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හිතුවෙවත් නැති විදියට විදුලිය ඉතිරි කරගන්න මඟක්..!  ඔබ නොදැනුවත්වම විදුලි බිලට එකතුවෙන මුදල් ඉතිරිකර ගන්නේ මෙහෙමයි..!

12957Views

එදිනෙදා ජීවිතයේදී ඉතිරිකිරීම කියන දේ අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසාම බොහෝ දෙනා තමන්ට හැකිපමණින් ඉතිරි කරන්න කටයුතු කළත් පුරුද්දක් විදියට හරියටම ඉතුරු කරන එකනම් ටිකක් අමාරු වැඩක්. ඒ නිසාම තමයි ඉවසීමෙන් යුතුව අපේ අනාගතය වෙනුවෙන් හරියටම ඉතිරි කරන්න ඕන කොහොමද කියලා අපි හොයලා බැලුවෙ.

ඉතිරි කිරීම කිවුවම ගොඩක් දෙනාට මතක් වෙන්නෙ යම් කිසි මුදලක් ඉතිරි කිරීම විතරයි. නමුත් ටිකක් හිතලා බලන්න එක දවසකට අපිට ඉතිරි කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් අපේ නොදැනුවත් කමින්ම මඟ හැරෙනවද කියලා. එදිනෙදා ජීවිතයේදි ඔබ පරිහරණය කරන ජලය,විදුලිය වගේ දේවල් ඔබේ නොදැනුවත් කමින් කොයිතරම් නිකරුනේ වැය වෙනවද..? ඒ දේවල් ගැන අවධානය යොමුකරලා ඒ අපතේයෑම් මඟ හැර ගන්න පුළුවන්නම් ඔබ කරන්නෙ විශාල ඉතිරියක්.

විශේෂයෙන්ම මේ වෙනකොට සොයාගෙන තියෙන විදියට සෑම මාසයකදීම 05% ත් 10% ත් අතර ප්‍රමාණයකින් විදුලිය නාස්ති වෙනවා. මේ විදියට නාස්තිවෙන විදුලිය ඉතිරි කරගන්න මේ ක්‍රමවේදයන් ඔබට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම මේ ක්‍රමවේදයන් පාවිච්චි කළොත් ඔබ නොදැනුවත්වම මාසිකව ඔබට විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුළුන්.

 

  • ඔබේ ශීතකරණයේ උෂ්ණත්වය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකිනුත්, ඩී ෆ්‍රීසරයෙහි උෂ්ණත්වය (-10) ත් (- 15) ත් අතර අගයකත් පවත්වා ගන්න.
  • ඔබ යම් විදුලි උපකරණයක් භාවිතා නොකරන්නේනම් සැමවිටම විදුලියෙන් විසන්ධි කර තබන්නට පුරුදු වෙන්න.
  • කාමරයෙන් පිටවන විට විදුලි බල්බ මෙන්ම විදුලි පංකාද නිවා දමා යන්න.
  • හැකි සෑම අවස්ථාවකදීම LED විදුලි බුබුලු භාවිතා කරන්න. එමගින් 30% ක විදුලි බලයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා.
  • වායු සමීකරණයේ උෂ්ණත්වය 26 C අගයේ තබා ගන්න. ඊට වඩා අඩුවන සෑම අංශකයකටම 4% කින් විදුලි බලය වැයවේ.
  • වසර 10 ට වඩා පැරණි විදුලි උපකරණ වලට වැඩි වශයෙන් විදුලි බලය වැයවන අතර ඒවා අලුත්වැඩියා කර ගැනීම හෝ නව උපකරණවලට  මාරුවීම දීර්ඝකාලීන ඉතිරියකි.
  • වායු සමනය කර ඇති ස්ථානවල විදුලි උඳුන්, විදුලි ස්ත්‍රික්ක වැනි තාපය පිට කරන උපකරණ භාවිතයෙන් වළකින්න

අපි ඔබට කිවුවේ විදුලිය ඉතිරි කරගන්න පුළුවන් ක්‍රමවේදයන් රැසක් අතුරින් කිහිපයක් විතරයි. මේ වගේ වටිනා කරුණු කාරණා රැසක් ඇතුලත් වටිනා ඉලෙක්ට්‍රොනික් පොතත් (E-Book) NDB බැංකුව විසින් ඔබට නොමිලේම පහතින් ලබා ගන්න පුළුවන්.

මේ පොත භාවිතා කරන ගමන් ඔබේ මිතුරන්වත් ඒ ගැන දැනුවත් කරලා  ඔවුන් සමඟ ඉතිරි කිරීමේ වටිනාකමේ අත්දැකීම් බෙදාහදා ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම ඉතිරිකිරීම ගැන දැනගන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ටම මේ පොත පිළිගන්වන්නත් අමතක කරන්නත් එපා.


 

YOU MAY ALSO LIKE