Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"බහුතරයත් සුදානම්?" එජාපයේ අටවෙනි කඩුල්ල දැවී යද්දි නව රජයෙන් නිර්භීත තීරණයක්!

24630Views

රටේ පවතින වත්මන් දේශපාලන තත්වය සමග බොහෝ දෙනා අවදානයෙන් පසුවූයේ නැවතත් පාර්ලිමේන්තුව කැඳවන දින කෙරෙහිය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරව ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව එලවෙන 16 වෙනිදා දක්වා කල් තබමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒත් සමගම එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග අත්වැල් බැදගත් ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය සහ රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) පිරිස් පාර්ලිමේන්තුව කැඳවන්නයි දිගින් දිගටම බලපෑම් කර සිටියා.

මෙවැනි පසුබිමක එළැඹෙන 14 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැදවීම සදහා අදාල වන ගැසට් නිවේදනය ජනපතිවරයාගේ නිවේදනයෙන් ඊයේ (04) දින නිකුත් කෙරුනා. ඒ එජාපයෙන් තවත් මන්ත්‍රීවරයෙක් ඉවත් වී නව රජයට සහය පළ කිරීමත් සමගයි. තමන්ට පාර්ලිමේන්තු බහුතර සම්පූර්ණ වී ඇති බව නව රජය ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ අටවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස නව රජයට එක්වූ අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

මේ වන විට සන්ධාන පාර්ශවය මන්ත්‍රීවරුන් 105 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 97 දෙනෙකු නියෝජනය කරමින් සිටී.

මෙවැනි පසුබිමක එජාපය සහ නව රජය යන පාර්ශව දෙකම බහුතරය සොයා යද්දී සමාජජාලා මාධ්‍යයන්හී දැක්වුනේ ජනතා විමුක්ති පෙරමුන ගෙන ආ 20 වන සංශෝධනය සම්මත වූවා නම් රට කොතරම් අවුල් සහගත තත්වයකට පත්වීමට තිබුනා දැයි යන්නයි. ජවිපෙ ඉදිරිපත් කළ 20 වන සංශෝධනයට අනුව ජනපතිවරයා තොරා ගන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි.

එය මහජන බලය අහෝසි කිරීමක් මෙන්ම රට අස්ථාවර කිරීමක් යැයි බොහො වියතුන් අදහස් දක්වා තිබුනා.

YOU MAY ALSO LIKE