Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගෝඨා ගමන්ගත් ජිප් රිය හක්මනදී අනතුරකට ලක්වෙයි..! ජිප් රියේ රියදුරු සැකපිට අත්අඩංගුවට..!

18797Views

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිද ගමන් කරමින් සිටි ජීප් රථය අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී අනතුරට ලක්වී ඇති බව වාර්තාවෙනවා. එම අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂට කිසිදු හානියක් සිදු වී නොමැති අතර අනතුරෙන් තුවාල ලැබූ ට්‍රැක්ටර් රියදුරා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රජයේ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිද සමඟ කොළඹ සිට මැදමුලන නිවසේ පැවැත්වෙන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ දානමය පිංකමට සහභාගී වීම සදහා යන අතරතුරදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වන අතර අනතුර සිදු වීමෙන් පසු ගොඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය වෙනත් වාහනයක් ගෙන්වා ගෙන මැදමුලන බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර  මෙම අනතුරට සම්බන්ධ ජීප් රථය සහ අත් ට්‍රැක්ටරය වැඩි දුර පරීක්ෂණ සදහා පොලීස් භාරයට ගෙන ඇති අතර ජීප් රථය පැදවු රියදුරා සැක පිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

YOU MAY ALSO LIKE