Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අලුත් ආණ්ඩුවේ තවත් ඇමතිවරු 07 ක් දිවුරුම් දෙයි..!

6757Views

නව ආණ්ඩුවේ තවත් අමාත්‍යවරුන් පිරිසක් අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර  බන්දුල ගුණවර්ධන ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර එස් එම් චන්ද්‍රසේන සමාජ සේවා සහ සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.  අනුර ප්‍රියදර්ශන යාපා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර සී බී රත්නායක ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා ලෙසත් , සාලින්ද දිසානායක දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.