Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මහින්ද රජය සමයේ වංචා දූෂණ චෝදනා රැසක් එල්ල වූ නව ශ්‍රීලංකන් ගුවන් සේවා සභාපතිගේ පත්වීම අත්හිටුවයි..!

5808Views

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස නම් කෙරුනු  කපිල චන්ද්‍රසේන මහතාගේ පත්වීම අත්හිටුවා තිබේ. ඔහු අද (14) එම තනතුරේ වැඩ බාරගැනීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් මතුවූ පුරප්පාඩුව සදහා නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍ර‍සේන මහතා නම් කරනු ලැබුවේය.

කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතගෛ් සේවය අත්හිටවූ පසු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

කපිල චන්ද්‍රසේන යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි පුද්ගලයා ය. 

ඔහු මිහින් ලංකා සමාගමේ ද ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීය.

එම යුගයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වාර්ෂිකව රුපියල් බිලියන ගණනින් පාඩු ලැබූ අතර පසුකලෙක ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් යන සමාගම්වල සිදු වූ දූෂණ පිළිබඳ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් ද පත් කරනු ලැබීය.

එසේම කපිල චන්ද්‍රසේන මහතාට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ද විමර්ශනයක් සිදු කෙරුණු අතර ඔහු කලක් තිස්සේ එම විමර්ශන කටයුතුවලට සහය නොදී මඟහැර සිටියේය.