Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පිළිබදව කිසිදු විශ්වාසයක් නෑ‘‘ ජවිපේ විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරු මෙන්න...!

7350Views

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදුකළ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ස්ථිර කරනු ලැබුවා.

ඒ අනුව විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 122ක් අත්සන් කළ ලිපියක් කථානායක කරු ජයසූරියට ලබාදී ඇතිි අතර අනෙක් පාර්ශ්වය එය පිළිගන්නේ නොමැතිනම් හෙට දිනයේදි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

"අගමැතිවරයෙක් ඉවත් කිරීමේ හා පත්කිරිමේ ගැසට් නිවේදන ප්‍රතික්ෂේප වුණා. කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයට බලයක් නෑ. ඒක රජයේ නිලධාරීන්ටත් පොලීසියට ත් මතක් කරන්න කැමතියි. සමුන්තිරන් මහතා ස්ථාවර නියෝග ක්‍රියාත්මක නොවීමේ යෝජනාව තහවුරු වුණා.

විශ්වාසභංග යෝජනාවට බහුතරයක් කටින් උත්තර දුන්නා. ඒ නිසා කථානායකවරයා කටහඩින් සම්මත බවට තීරණයක් දුන්නා. ඒ යෝජාවට පක්ෂ වුණ සියල්ලම කතානයකට ලිපියක් බාර දී තිබෙනවා. මන්ත්‍රීවරු 122ක් එයට අත්සන් කර තිබෙනවා.

තීරණය වැරදි නම් හෙට ඇවිත් යෝජනාවක් සම්මත කර ගන්න. පාර්ලිමේන්තුවේ බහුතරය දැන් තීරණය වෙලා තිබෙනවා. "