Saturday, February 23, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රනිල් රැක ගන්න ජවිපෙ වැඩට බහියි - අනුර කුමාර, විජිත හේරත් පාර්ලිමේන්තුවේදි සටන් කළ හැටි! (VIDEO)

4804Views

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බවටත්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවටත් පෙන්වීමට එජාපය සහ ජවිපෙ එක්ව දියත් කළ සටන අද දිනයේ පාර්ලිමේන්තුවේදි ක්‍රියාත්මක වුනා. මෙහිදි නව රජයට පාර්ලිමේන්තුවේ විශ්වාසය නොමැති බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ විස්වාස භංගයක් ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි.

මේ අතර එම අවස්ථාවේදි ජවිපෙ මන්ත්‍රීවරුන් එජාප මන්ත්‍රීවරුන් සමග එක්ව රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ක්‍රියාකාරීව සටන් කිරීම කැපී පෙනුනා. මෙහිදි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුන් එජාපයේ හිටපු අමාත්‍ය මංගල සමරවීර සහ සාගල රත්නායක හිටපු අමාත්‍යවරයා සමගින් සම්බන්ධීකරණය කරමින් ඉතා උද්යෝගයෙන් එම කටයුතු මෙහෙයවීමද දක්නට ලැබුනා.

එවැනි එක් අවස්ථාවක අමාත්‍ය විමල් වීරවංශ "විජේවීරද අගමැති කරන්නේ යන්නේ" යනුවෙන් විමසීමද කැමරාවේ පටිගත වී තිබුනා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,