Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දන්න දේවල් අතර නොදන්නා දේ දැනගෙන ඉන්ධන වියදම් අඩුකරගන්නේ මෙහෙමයි..!

4063Views

ඉතුරු කිරීම කියන දේ එදිනෙදා ජීවතයේදී අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසාම අපිට හැකිපමණින් ඉතුරු කරන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕන. ඉතුරු කිරීම කිවුවම ගොඩක් දෙනාට මතක් වෙන්න සල්ලි ඉතුරු කිරීම විතරයි. කොහොම නමුත් අපි වෙනස් විදියට හිතලා අපිට ඉතුරු කරන්න තියෙන තවත් එක් අවස්ථාවක් ගැන තමයි අද අපි ඔබට කියන්නෙ.

සමහර විට මේ ලිපිය කියවන ඔබටත් වාහනයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ටිකක් හිතලා බලන්න එබ ඔබේ වාහනයට මාසෙකට ඉන්ධන වෙනුවෙන් කීයක් වියදම් කරාද කියලා. සමහර විට ඔබට එය අමතක ඇති. කොහොම වුනත් මේ වෙද්දි අපේ නොදැනුවත්කම නිසාම මාසිකව ඉන්ධන වෙනුවෙන් ලොකු පිරිවැයක් දරන්න සිද්ධවෙලා තියෙනවා.

ඔබත් මේ දෙවල් හරියට දැනගෙන ක්‍රියාත්මක කරනවනම් ඔබට හිතුවෙවත් නැති විදියට මාසික ඉන්ධන පිරිවැය අඩුකරගෙන ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්.

 

  • ඔබේ ගමන් නිසි ලෙස සංවිධානය කර ගැනීමෙන් මඟ සිදුවෙන රස්තියාදු වීම් අවම කරගන්න.
  • හැකි සෑම විටම මාර්ග තදබදය වැඩි අවස්ථා මඟ හරින්න.
  • දීර්ෂ වේලාවක් වාහනය නවතා තබන්නට සිදුවන සෑම අවස්ථාවකදීම එන්ජිම නිවා තබන්න.
  • අනවශ්‍ය ද්‍රව්‍ය වාහනයේ තබා නොගන්න.  වැඩිවන සෑම කිලෝ 90 ක් සඳහාම කිලෝමීටරයක් යාමට අවශ්‍ය ඉන්ධන වැයවේ.
  • වාහනයේ රෝදවල හුළං නිසි ප්‍රමාණයට තබාගන්න. නියමිත ප්‍රමාණයට වඩා 4-5 psi ප්‍රමාණයක් අඩු වුවද එය 10% කින් ඉන්ධන පිරිවැය වැඩි කරයි.
  • වාහනය පැයට කිලෝ මීටර් 55 කින්  ධාවනය කරන්නේනම් එය 10% කින් හෝ 15% කින් පමණ ඉන්ධන ඉතුරු කරගැනීමට උපකාරී වේ.
  • කිලෝ මීටර් 03 ට වඩා ගමන් බිමන් යාමේදී හැකි සැමවිටම පයින් ගමන් කිරීමට පුරුදු වන්න. කිලෝ මීටර් 08 ට අඩු ගමන් සඳහා පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරන්න
  • හැකි සෑම විටම ඉන්ධන වියදම් සටහන් කරගන්න. එමගින් මාසික ඉන්ධන මිළ හඳුනා ගනිමින්  පසුගිය මාසයට සාපේක්ෂව ඉන්ධන මිළ අඩුකළ හැකිදැයි බලන්න

 

අපි ඔබට කිවුවේ ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයන් රැසක් අතුරින් කිහිපයක් විතරයි. මේ වගේ වටිනා කරුණු කාරණා රැසක් ඇතුලත් වටිනා ඉලෙක්ට්‍රොනික් පොතත් (E-Book) NDB බැංකුව විසින් ඔබට නොමිලේම පහතින් ලබා ගන්න පුළුවන්.

මේ පොත භාවිතා කරන ගමන් ඔබේ මිතුරන්වත් ඒ ගැන දැනුවත් කරලා  ඔවුන් සමඟ ඉතුරු කිරීමේ වටිනාකමේ අත්දැකීම් බෙදාහදා ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඉතුරුකිරීම ගැන දැනගන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ටම මේ පොත පිළිගන්වන්නත් අමතක කරන්නත් එපා.