Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එළඹෙන සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

3448Views

නොවැම්බර් 25 සිට දෙසැම්බර් 01 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ

උත්සාහයෙන් ජයග්‍රහණය

අඟහරු අයස්ථානයේය. ගුරු අටේ සිටී. තම උත්සාහය වැඩි වූ තරමට ලැබෙන ලාභ ප්‍රයෝජන අධික වේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. කෙසේ වුවත් ලද පමණින් සතුටු විය යුතු කාලයකි. අස්ථාන චෝදනාවලට ඉඩ පැවතිය හැකි බැවින් ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. සතුරු කරදර බාධාවලට ඉඩ පවතී. වියදම් පක්ෂය අධික කරයි. ඉඩකඩම් දේපළ දියුණු කර ගැනීමට හැකි වේ. සම්මතයට පිට ක්‍රමයන්ට යොමුවී ආදායම් ලැබීමේ ඉඩක් පවතී.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


වෘෂභ

සමපලයි

ලග්නාධිපති සිකුරු හයවැන්නේ සිටී. යෝගකාරක ශනි අටේයි. වැඩකටයුතු කරගෙන යාමේ දී සිතට දුක් කරදර සහිත වේ. සතුරු කරදර බාධා ඉස්මතු කල හැක. මිල මුදල් ලැබීම අතින් ශුභයි. ආදායම් ලැබුණ ද වියදම් පාලනය කර ගැනීම අසීරු වේ. විටෙක යම් යම් අවස්ථාවල දුර්වලකම් බලපායි. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතුවල දී පරෙස්සම් වන්න. දරුවන්ගේ කටයුතු කෙකරෙහි අවධානයෙන් සිටිම අවශ්‍යයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


මිථුන

වියදම් අධිකයි

ලග්නාධිපති බුධ හයේ රවි, ගුරු සමඟයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී තරමක් කල්පනාකාරී විය යුතුය. සතැරු කරදර බාධා එල්ල විය හැකි බැවිනි. ගෙදරදොර කටයුතුවල දී ප්‍රවේසම් වන්න. විටෙක සමගියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු යහපත්ය.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


කටක

ක්‍රමයෙන් දියුණුව

යෝගකාරක කුජ අටවැන්නේ ද ගුරු පූර්ව පුණ්‍යස්ථානයේ ද සිටී. බාධා අවහිරතා මධ්‍යයේ වුව ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. වැටීම්, තැළීම් තුවාල අනතුරු පීඩාදියෙන් ද ප්‍රවේසම් වන්න. ආර්ථික වශයෙන් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ සහනයක් ලබයි. උෂ්ණාධික රෝග. බඩවැල් ආශ්‍රිත පීඩාවලින් පරෙස්සම් වන්න.

ජය වර්ණය - ක්‍රීම් පාට, අංකය - 02, දිනය - සඳුදා


සිංහ

වාසි ලබයි

ලග්නාධිපති රවි හතරේ බුධ, ගුරු සමඟ සිටී. මෙම කාල සීමාව තුළ සිය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. ආර්ථික වශයෙන් ශුභයි. ලාභ ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා


කන්‍යා

බාධා සහිතයි

ලග්නාධිපති බුධ රවි, ගුරු සමග තුන්වැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තුළ වෘත්තීය සහ රැකියා කටයුතුවල යෙදීමට සිදු වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ලැබේ. සමාජීය සහ ආගමික අංශයට ශුභයි. සහනයක් ද සැනසීමක් ද ලැබේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරවන්ගේ කටයුතු ගැන අවධානය යොමු කළ යුතුයි.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


තුලා

රැකියාවේ ගැටලු

ලග්නාධිපති සිකුරු මාලවී යෝගයෙන් ද සිටි. වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යාමේ දී විවිධාකාරයේ බාධා අවහිරතා ඉස්මතු වේ. තමන් සමග සිටි අයගේ කොටසක් තමන්ටම විරුද්ධව කටයුතු කිරීම තුළ කරගනෙ ආ කටයුතුවල වෙනසක් ඇති කරයි. බාධා ඇති කරයි. ආර්ථික සහ මුදල්මය වශයෙන් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ වාසි සහගත තත්ත්වයක් අදා කරයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ.

ජය වර්ණය - රතු, අංකය - 06, දිනය - සිකුරාදා


වෘශ්චික

මුදල් ලැබේ

ලග්නාධිපති කුජ හතරේ ගමන් කරයි. ශනි දෙවැන්නේය. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතුවල නියුක්ත වීමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. කෙසේ වුවත් අන්‍යයන්ගේ සහයෝගය තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. අලුත් වෙනස්කම් ඇති වේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. කෙසේ වුවත් වියදම් ඉහළ යයි.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


ධනු

වියදම් වැඩියි

ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ ද, සෙනසුරු ලග්නයේ ද කේතු 02, රාහු අටේ ගමන් කරයි. හොඳින් ආශ්‍රය කළ තමාගෙන් උදව් උපකාර ගත් කෙනකුම තමාව අමාරුවක දැමීමේ ඉඩක පවතින බැවින් කල්පනාකාරී විය යුතුය. වෲත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී වන්න. වැටීම්, තැලීම්, තුවාළ, අනතුරු පීඩාදියට ඉඩ පවතින බැවිනි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා


මකර

ප්‍රමාදතා ඇතිවේ

ලග්නාධිපති ශනි දොළොස්වැන්නේ ද, යෝගකාරක සිකුරු කර්මස්ථානය වූ දහයේ ද ගමන් කරයි. තම කටයුතු කරගෙන යාමේ දී බාධා සහ අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතු කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග උදා කරගනු ඇත. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකුරාදා


කුම්භ

යහපත් සතියක්

ලග්නාධිපති ශනි අයස්ථානයේ ද යෝගකාරක සිකුරු භාග්‍යස්ථානයේ ද ගුරු දහයේ ද සිටී. මෙම පිහිටීම තුළ කිසියම් සාර්ථක බවක් පෙන්නුව ද විටින් විට බාධා අවහිරතාවන්ට ද මුහුණ පෑමට සිදු වේ. ප්‍රමාදවීම් පෙන්වයි. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කරගෙන යාමේ දී තරමක් කල්පනාකාරී වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


මීන

මිශ්‍රඵල

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. යෝගකාරක කුජ 12 ද, සෙනසුරු 10 ද ගමන් කරන නිසා මිශ්‍රපලදායක තත්ත්වයක් උදා කරනු ඇත. තද ලෙස සිත් නරක්වීමේ ඉඩක් ද පවතී. නොයෙක් දෙයට නිෂ්ඵල ලෙස මුදල් වියදම් වේ. විටෙක අවුල් වියවුල්වලට මුහුණ පපාන්නට සිදු වේ. උෂ්ණාධික රෝග, අනතුරු පීඩා, තුවාල ය නාදියෙන් ප්‍රවේසම් විය ය ුතුයි. මිත්‍රයකු හෝ සහෝදරයකු සමග සිත් නොහොඳවීම් ඇතිවේ. නිෂ්ඵල ගමන් ඇති වේ. නිතරම ශරීරයට වෙහෙස ගතියක්, පණ නැති ගතියක් පෙන්වයි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා