Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පාතාලය කම්මුතුයි - කෝටි හත්සීයක මැණික් මංකොල්ලය මෙහෙයවූ මාතර මල්ලි කොටුවෙයි, මධූෂ්ගේ දකුණු අතලූ!

11648Views

පන්නිපිටිය ඇරැව්වල අරලියපුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්ති සහ මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳව නෙත් ගොසිප් මින්පෙර වාර්තා කළෙමු.

එම සිදුවීමට සම්බන් ප‍්‍රධාන සැකකරුවකු වන පාතාල නායක ‘මාතර මල්ලී’ නමැත්තා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. පසුගිය පළමුවැනිදා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පාතාල සමාජිකයා රත්මලාන මැලිබන් හන්දිය අසලදී මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලද තොරතුරක් මත මැලිබන් හන්දිය ඉන්ධන පිරවුම්හල අසලදී අත්අඩංගුවට ගත් සැකකරු මාතර රොටුඹ ප‍්‍රදේශයේ පදිංචි ‘මාතර මල්ලී’ නමින් ප‍්‍රසිද්ධ 38 හැවිරිදි අයකු වේ.

දියමන්තිය සහ මැණික් ගල් මංකොල්ලකෑමට පැමිණි දින නිවෙස් හිමියාට ගිනි අවියකින් පහරදී තුවාල සිදුකර එම අවස්ථාවේ දියමන්ති හා මැණික් මිලදී ගැනීමට පැමිණි විදේශිකයකු පැහැර ගෙන ගොස් මහරගම ප‍්‍රදේ්ශයේ දමා යෑමට මෙම සැකකරු සම්බන්ධ වී ඇති බවට හෙළිකරගෙන තිබේ.

මෙම මංකොල්ලය සඳහා යතුරුපැදියකින් දෙදෙනෙක් සහ වෑන් රථයකින් සිවුදෙනකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන අතර ‘මාතර මල්ලී’ නමැත්තා අත්අඩංගුවට ගැනීමට පෙර මෙම සිද්ධියට ඔරුවල ‘ඉන්දික නාලක’ නමැත්තෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී. සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම මංකොල්ලය සිදුකිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ 50 ක් ලබාදෙන බවට ‘මාකඳුරේ මධූෂ්’ නමැත්තා චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ තමා සමග කතාකර පිළියන්දල ප‍්‍රදේශයෙන් මංකොල්ලයට යෑම සඳහා වෑන් රථයට ගොඩවූ බව පවසා ඇත.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියට ගෙන ඒමටත් පෙර සහ ගෙන ඒමෙන් පසුවත් මානව හිමිකම් සංවිධානවල නියෝජිතයන් සහ ඇතැම් නීතිඥයන් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට දැඩි උනන්දුවක් දක්වමින් තිබූ බවත් වාර්තා වේ. මෙම පාතාල නායකයා මාකඳුරේ මධූෂ්ගේ සමීපතම සඟයෙකු බවත්, මධූෂ් සිය සම්බන්ධතා මාර්ගයෙන් මානව හිමිකම් නිළධාරීන් සහ නීතීඥයන් එම පාතාල නායකයා වෙනුවෙන් ඉදිරිපත් කරමින් සිටින බවත් සඳහන්.

මෙම මංකොල්ලය සිදුවූ දින විදේශිකයකු දියමන්ති සහ මැණික් ලබා ගැනීමට පැමිණ සිටියදී පැහැරගෙන යෑමක් සිදුවූ බවට ප‍්‍රකාශ වුවත් එම විදේශිකයාද මෙම මංකොල්ලයට සම්බන්ධ වී ඇති බවට පොලිසිය සැකකර ඇත. ඔහුද මංකොල්ලය සිදුවූ දිනට පසු දිනම විදෙස්ගතවී තිබෙන අතර ඔහු මංකොල්ලයට පෙර අවස්ථාවක දියමන්ති සහ මැණික් දැකබලා ගැනීමට පැමිණ පසුව ඒවා මිලදී ගැනීමට පැමිණෙන බව ව්‍යාපාරිකයාට පවසා පිටව ගොස් මංකොල්ලය සිදුවූ දින ඒවා මිලදී ගැනීමට පැමිණීම ගැන පොලිසියට මෙම සැකය මතුවී තිබේ.

මෙම මංකොල්ලය සම්බන්ධයෙන් පොලිසියට වැදගත් තොරතුරු රැසක් හෙළිවී තිබෙන අතර මංකොල්ලකෑ දියමන්තිය හා මැණික් තොගය ඩුබායිහි සැගව සිටින පාතාල නායක ‘මාකඳුරේ මධූෂ්ට’ ලබාදී ඇතැයි ද තොරතුරු ලැබී ඇත.