Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මහා අපරාධයකට හවුල්කරුවෙකු නොවී ආහාරපාන ඉතිරි කරගන්නේ මෙහෙමයි...!

3826Views

මේ වෙද්දි සොයාගෙන තිබෙන විදියට ලෝකයේ  රටවල් වල වසරකට ටොන් බිලියන 1.3 ක ආහාර ප්‍රමාණයක් අපතේ දමනවා. මේ මහා අපරාධයට සමහර විට ඔබත් දායක වෙලා ඇති. ඒ නිසාම තමයි මේ මහා අපරාධයට හවුල් කරුවෙකු නොවී රටටත් ඔබටත් ඉතිරියක් ගෙන මේ කාරණාව ගැන අපි ඔබට කියන්න හිතුවෙ.

අපේම නොදැනුවත්කම සහ නොසැළකිල්ල නිසා අපි හිතන්නෙවත් නැති විදියට දවසකට කොයිතරම් ප්‍රමාණයක් ආහාර අපතේ යනවා ඇද්ද..? ටිකක් කල්පනා කරලා බැලුවොත් ඒ දේ ඔබට හොඳින්ම තේරුම් යාවි. ඒ නිසා ඔබ ගැනත්, රට ගැනත් හිතලා අද ඉඳලම ආහාර පාන ඉතිරිකරන්න පුරුදු වෙන්න. පහත කරුණු කාරණා ඒ සඳහා ශබට ගොඩක් වැදගත් වේවි.

 

  • අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර මිලදී ගැනීම සිදු කරන්න
  • මසකදී පවුලකට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය දළ වශයෙන් පුද්ගල සංඛ්‍යාව හා ගණනය කර ගැනීම තුලින් අනවශ ලෙස අහාර අපතේ යාම වළක්වා ගන්න පුළුවන්.
  • නිවැරදි ලෙස ආහාර ගබඩා කිරීම සිදු කරන්න
  • සෑම විටම හොඳම  හොඳම එළවළු සහ පළතුරු මිලදී ගැනීමට කල්පනාකාරී වන්න. මෙහිදී කල් ඉකුත්වීමේ දිනයට වැඩි කාළයක් ඇති එළවළු සහ පළතුරු වර්ග තෝරා ගැනීම තුලින් ආහාර නාස්තියක් නොවනවා සේම ඔබගේ සෞඛ්‍යයටද යහපත්ය.
  • ආහාර ශීතකරණයේ තැන්පත් කිරීමේදී මිළදී ගත් කාළය අනුව තැන්පත් කිරීමට පුරුදු වන්න. මුලින් ගත් දේවල් ඉදිරියෙනුත්, මෑතකදී ගත් දේවල් පිටුපසිනුත් තබා ගැනීමෙන් අනවශ්‍ය ලෙස කල් ඉකුත්වීමෙන් වළක්වාගන්න පුළුවන්.
  • පළතුරු සහ එළවළු ඇට පැළ කිරීමට පුරුදු වන්න. එය දීර්ඝ කාලීන ඉතිරියක් වනු ඇත.
  • ආහාර ඉවත දැමීමට පෙර ඒවා හොඳ තත්වයක තිබේනම් අවශ්‍ය අයෙකු හෝ සතෙකුට ලබා දීමට කටයුතු කරන්න.

 

මේ විදියට අපි ඔබට කිවුවේ ආහාර ඉතිරි කරගන්න පුළුවන් ක්‍රමවේදයන් රැසක් අතුරින් කිහිපයක් විතරයි. මේ වගේ වටිනා කරුණු කාරණා රැසක් ඇතුලත් වටිනා ඉලෙක්ට්‍රොනික් පොතත් (E-Book) NDB බැංකුව විසින් ඔබට තිළිණ කරලා තිබෙනවා. ඒ පොත ඔබට නොමිලේම  පහතින් ලබා ගන්න පුළුවන්.

ඉතිරි කිරීම ගැන දන්න නොදන්න හැම දෙනාටම ඉතිරි කිරීම ගැන වෙනස් විදියකින් අධ්‍යයනය කරන්න පුළුවන් මේ වටිනා පොත භාවිතා කිරීම තුලින් ඔබේ සාර්ථකත්වය ඔබටම වටහා ගන්න පුළුවන්. ඒ වගේම මෙම පොතෙන් ඔබ ලබාගත් දැනුම පිළිබඳව සටහන් කරන්නත් ඉඩකඩ තියෙනවා. ඒ අතරෙම මේ පොත භාවිතා කරන ගමන් ඔබේ මිතුරන්වත් ඒ ගැන දැනුවත් කරලා  ඔවුන් සමඟ ඉතිරි කිරීමේ වටිනාකමේ අත්දැකීම් බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.

ඉතිරිකිරීම ගැන දැනගන්න උනන්දුවෙන් ඉන්න හැම කෙනෙක්ටම මේ පොත පිළිගන්වලා ඔවුන්ගේ දියුණුව දැකලා ඔබටත් සතුටු වෙන්න පුළුවන්.