Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මොරගහකන්ද වගේ ලස්සන තැන්වලට ගිහිල්ලා සන්ග්ලාස් දාගෙන ෆොටෝ ෂූට් කරන්නෙත් නෑ‘‘ ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියපු කතාව...! (VIDEO)

14538Views

තමන් ජනාධිපති වුනානම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සේ ලැජ්ජා නැති වැඩ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ප්‍රකාශ කරනවා. අද (05) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය කාල සීමාව තුල ජනාධිපතිවරයා සිදුකළ ක්‍රියාවන් උදාහරණයට ගනිමින්.

එහිදී පාර්ලිමේන්තු සභාව ආමන්ත්‍රණය කරමින් මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශ කළා.

‘‘උදේට එකක් කියලා රෑට තව එකක් කියලා කටින් කතා කරලා, අනිත් පැත්තෙන් කතා කරලා දවල් මිගෙල් රෑ ඩැනියල් කෙනෙක් වෙන්නෙත් නෑ.තමුන් වහන්සේලා දන්නවා මේ දවස්වල මොකද වෙන්නෙ, සාකච්ඡා තියෙනවා. රෑට එකක් කියනවා. උදේට තව එකක් කියනවා. උදේට තව ලියුමක් ගහනවා. ඒ වගේ තත්වයකට මම පත් කරන්නෙ නැහැ කවදාවත්.

කවුරුහරි කෙනෙක් අල්ලලා පොතක් ලියලා මාව ගැන ඒකට මගේ දූගෙ නම දාලා, ජනාධිපති තාත්තා කියල නම දාලා ඒක ප්‍රකාශයට පත් කරන්නෙ නෑ. ඒ තරම් පහත් තත්වය මම පත්වෙන්නෙ නෑ. ලියපු මිනිහගෙ නම දැම්මනම් කමකුත් නෑ.ලියපු මිනිහගෙ තාත්තා කවුද කියලා මම දන්නෙ නෑ. නමුත් ජනාධිපති තාත්තා කියලා ඒකට නම දාගන්නෙ නෑ.

ඒ වගේම දිනපතා යන යන තැන, කතා කරන කරන තැන පන බයේ අරයා මාව මරයි, මෙයා මාව මරයි කියලා කොහේ හරි ඉන්න නස්කුණයෙක් අල්ලගෙන උගෙන් ස්ටේට්මන්ට් අරගෙන මම එක එක මිනිස්සු කොටු කරන්න උත්සාහ කරන්නෙ නෑ. මම පණ බයේ ජීවත් වෙන්නෙ නෑ. ඒක මානසික ලෙඩක්.

ඒ වගේම රංගේ කිය කිය කෝල් අරගෙන, මන්ත්‍රීවරුන්ට සල්ලි දිදී මන්ත්‍රීවරුන්ව කොටාබාගන්න උත්සාහ කරන්නෙ නෑ.ඒක මහ ලජ්ජා නැති තත්වයක්.

ඒ වගේම අර මොරගහ කන්ද වගේ ලස්සන තැන්වලට ගිහිල්ලා සන්ග්ලාස් දාගෙන ෆොටෝ ෂූට් කරන්නෙත් නෑ. මගේ ආර්යාව ලඟින් තියාගෙන නළුවෙක් වෙන්න උත්සාහ කරන්නෙත් නෑ. දැන් අපේ කාලෙ පැනලා ඉවරයි දැන් නළුවෙක් වෙන්න බෑ.