Monday, May 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රහස් සාකච්ඡා දැනටමත් පටන් ගෙන.. මන්ත්‍රීවරුන් බිලී බාගන්නා මෙහෙයුම යළි ඇරඹෙයි - ඉදිරි දින කිහිපයේ දේශපාලන පිටිය උනුසුම් වන ලකුණු

10591Views

මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවය වෙත මන්ත්‍රීවරුන් එක්කර ගැනීම සඳහා යළි රහස් මෙහෙයුමක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ඇරඹී ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයට දෙමළ සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට පාර්ලිමෙන්තුවේ මන්ත්‍රී ධූර 123ක් පවතින අතර, දෙමළ සන්ධානය එජාපයට සහය දැක්වීමත් සමග එම පාර්ශවයට මන්ත්‍රීවරුන් 117කගේ සහය ලැබී තිබේ.

එම නිසා එම මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවය වෙත එක්කර ගැනීමට උත්සහ යොදමින් සිටින බව වාර්තාවෙයි.

පාර්ලිමේන්තුව නැවතත් එළැඹෙන 12 දා  රැස්වන අතර පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් නියෝගය පිළිබඳව තීරණය ලබන 10දා ලබාදීමට නියමිතයි

YOU MAY ALSO LIKE