Wednesday, January 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රනිල්ට නැවතත් බලය හිමි වෙද්දී සන්ධානයම විපක්ෂයට, මහින්දටත් තනතුරක්" බල පෙරළියේ මීළග පියවර!

8634Views

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉල්ලා අස් වීමත් සමග නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිලිබදව සාකච්ජා කර ඇති බව වාර්තා වනවා.

නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බවද වාර්තා වෙනවා.

මේ අතර ආණ්ඩුවක් කරගෙන යාමේ වෑයම අසාර්ථක වුවද, සිය උත්සහයෙන් ජයග‍්‍රහණ රැසක් හිමිකර ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. මින් ඉදිරියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්තී‍්‍රවරුන්, ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ එක්ව ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය මුළුමනින්ම විපක්ෂයට එකතු වී ඇති බවත් 101ක විතර සංඛ්‍යාවක් මේ වන විට සිය පාර්ශ්වය සතු බවත්, ජනාධිපතිතුමා සිය පාර්ශ්වයත් සමග කටයුතු කරන බැවින් විපක්ෂයක් ලෙස ප්‍රබල ස්ථානයක් හිමිවී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා. විපක්ෂ නායක ධූරය සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා වීමට නියමිත බවද සදහන්.

අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අමතා සිදු කරන විශේෂ ප‍්‍රකාශය අද (15) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පැවසුවේ උදෑසන 09.00ට මහින්ද රාජපක්ෂ මහතා එම ප‍්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

"අපේ අමාත්‍යධූර තියෙනවා..අග්‍රාමාත්‍යධූරය තියෙනවා. ඒවා කිසිවක් උසාවිය විසින් තහනම් කරලා නෑ. තහනම් කරලා තියෙන්නේ අපිට වැඩ කරන්න බෑ. එතකොට ඉදිරි වර්ෂය තුළ වැටුප් ගෙවීම් ඇතුළු දීමනා ගෙවීම් අදිය පිළිබඳ ගැටලු මතු වෙනවා. රට තුළ අර්බුදයක් ඇති වෙනවා මේ නඩු කටයුතු අවසන් වෙන තෙක් හිටියොත්." යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

YOU MAY ALSO LIKE