Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ජනපති මෛත්‍රීත් එකඟ වේ" සන්ධානයෙන් පිරිසක් ඇමතිකම් ගන්න නව රජයට!

8174Views

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කරමින් පිහිටුවන නව ආණ්ඩුව සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන 06 දෙනෙකු මුල් වටයේදීම එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කටයුතු කිරීමට තීරණය කෙරුනු අතර ඒ අනුව මෙම පිරිස විපක්ෂයේ නොසිට නව රජයට ගොස් ඇමතිධුර ලබන බව වාර්තා වේ.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පක්‍ෂයක් ලෙස ආණ්ඩුවට එක් නොවනු ඇති අතර තනි පුද්ගලයන් ලෙස ආණ්ඩුවට එක්වීමට නියමිතය. මෙම පිරිස දැනටමත් එක්සත් ජාතික පක්‍ෂය සමග සාර්ථක ලෙස තම සාකච්චා පවත්වා එකගතාවයන්ට පැමිණ සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට එක්වන සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එයට ඉඩ දීමටද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තීරණය කර තිබේ.