Wednesday, January 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

චීනය ඉදිරියේ ඇමෙරිකාව දන ගහයි - වෙළද යුද්ධය අවසන්, ඇමෙරිකානු ගොවීන්ට චීනයෙන් සහනයක්!

3767Views

වත්මන් ලෝක ආර්ථික බලවතා වන චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර මෙම වසරේ ජුලි මාසයේ ඇරඹුනු වෙළද යුද්ධය අවසන් කරමින් චීනය විසින් ඇමෙරිකාවට යම් සහනයක් ලබා දීමට තීරණය කර තිබේ.

මෙම වෙළද යුද්ධය ඇතිවූයේ චීනය විසින් ආචාර ධාර්මික නොවන වෙළදාමක නිරත වන බවට ඇමෙරිකාව චෝදනා කිරීමත් සමගයි. මේත් සමගම මෙම ප්‍රකාශයන්ට දැඩිව පිළිතුරු දුන් චීනය ඇමෙරිකාවෙන් භාණ්ඩ මිලදී ගැනීම නවතා දැමුවා. එය ඇමෙරිකානු ආර්ථිකයට විශාල මරු පහරක් වූ අතර ඇමෙරිකානු කෘෂිකර්මාන්තය සහ ඇමෙරිකානු ගොවීන් දැඩි අපහසුතාවයට පත් වූවා.

මෙය ඇමෙරිකාවට දැඩි ලෙස බලපෑවේ ඇමෙරිකානු කෘෂිකර්මාන්තයේ ප්‍රධානම අපනයනයක් වූ සෝයා බෝංචි විකුණා ගැනීමට නොහැකි වීමෙනි. ඇමෙරිකාවේ සෝයා බෝංචි විශාල ලෙස මිලට ගත්තේ චීනය විසිනි.

කෙසේ වෙතත් මෙම වෙළෙඳ යුද්ධයෙන් ඇමෙරිකානු කෘෂිකාර්මික ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමට ලක්වීමෙන් පසුව චීනය විසින් ඇමරිකාවෙන් සෝයා මිලදී ගෙන තිබේ. මේ අනුව මුල් අවස්‌ථාවේ මෙට්‍රික් ටොන් එකොළොස්‌ ලක්‍ෂ තිස්‌ දහසක්‌ චීනය මිලදී ගෙන තිබේ.

එහෙත් එය ඉතා කුඩා තොගයක්‌ බවත් සිය ආර්ථිකය නැවතත් ස්ථාවර වීමට නම් චීනය මෙයට වඩා ඇමෙරිකාවෙන් සෝයා බෝංචි මිලට ගත යුතු බව ඇමරිකානු ගොවීන් විදෙස් මාධ්‍යයට පවසනවා. සාමාන්‍යයෙන් වසරකට චීනය ඇමෙරිකාවෙන් සෝයා මෙට්‍රික් ටොන් මිලියන තිහක්‌ තිස්‌පහක්‌ අතර ප්‍රමාණයක් මිලට ගනිමින් සිටියේය.

කෙසේ වෙතත් බිඳ වැටෙමින් තිබු ඇමෙරිකානු කෘෂිකාර්මික ආර්ථිකය නැවත ගොඩ නැගීමට මෙය හොඳ ආරම්භයක්‌ බව ඇමරිකානු බලධාරීන් පවසනවා.

මේ අතර මෙම පාඩමෙන් පසුව චීනය සමග ගනුදෙනු වලදි ඇමෙරිකාව බොහෝ ප්‍රවේශම්වනු ඇතැයි දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරනවා.

YOU MAY ALSO LIKE