Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බාල අමතර කොටස් රටේ හැම තැනම -  ඔරිජිනල් අමතර කොටස් හඳුනාගෙන වාහනයත්, ජීවිතයත් සුරක්ෂිත කරගන්නේ මෙහෙමයි..!

2555Views

වාහනයක් ගන්නවා කියන එක කොයි කාටත් තියෙන හීනයක්. ඒ හීනය සැබෑ කරගන්න හැම දෙනාගෙම ඊළඟ හීනය වෙන්නෙ තමන් ලොකු මුදලක් වැය කරලා මිලදී ගනිපු වාහනය දිගු කාලයක් පාවිච්චි කරන එක. කොහොම වුනත් මේ වෙනකොට අපේ රටේ වෙළඳ පොළට එකතු වෙලා තියෙන බාල වර්ගයේ රථ වාහන අමතර කොටස් නිසා ඒ හීනය බොඳ වෙලා යන ළකුණු තියෙනවා.

ඒ නිසාම ඔබේ වටිනා වාහනයට අමතර කොටස් එකතු කර ගනිද්දි හොඳින්ම සැළකිළිවමත් වෙන්න ඕන. විශේෂයෙන්ම මේ වෙද්දි වෙළඳපොලේ තියෙන Genuine Spare parts වලට බොහෝ සේ සමාන ව්‍යාජ අමතර කොටස් තිබෙන නිසා ඒවා මිළදී ගැනීමේදී ඔබ අපහසුතාවයට පත්වන්න පුළුවන්.

ඒ නිසා රථ වාහන අමතර කොටස් මිලදී ගැනීමේදී ව්‍යාජ අමතර කොටස් සහ Genuine Spare parts වෙන් කර හඳුනා ගැනීමට ඔබ හොඳ අවබෝධයක් ලබා ගතයුතු වෙනවා. මෙහිදී පහත දේවල් පිළිබඳව වඩාත් සැළකිළිමත් වීම වැදගත්.

  • Genuine Spare parts කොටස් වලට වඩා ව්‍යාජ අමතර කොටස් තරමක් මිලෙන් අඩුය.
  • විශ්වාසවන්ත වගකීමක් ලැබේ.
  • Genuine Spare parts බව සනාථ කර ගැනීම සඳහා ආරක්ෂණ උපක්‍රම ඇත

මෙහිදී රථවාහන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම වන DPMC එහෙමත් නැත්තම් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් ඔබ මිලදී ගන්නා අමතර කොටස්  නියම අමතර කොටස්දැයි සැක හැර දැනගැනීමට ක්‍රමවේදයක් සකසා තිබෙන්නේ ඔබේ බජාජ් වාහන වලට නියම ආරක්ෂාවක් ලබා දීමේ අරමුණින්.

එසේම ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙහි දිවයින පුරා විසිරි අලෙවි ජාලයක් ඇති නිසා ඔබට බයක් සැකක් නැතිව අමතර කොටස් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Bajaj Genuine  Parts කුඩා අලි පැංචා ලාංඡනය සහිත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ් හොලෝග්‍රැම් ස්ටිකරය මගින් හඳුනා ගන්න පුළුවන්.

ඒ වගේම නියම බජාජ් Genuine parts බවට තවදුරටත් තවුරු කරගැනීමට අවශ්‍යනම් හොලොග්‍රෑම් ස්ටිකරයේ ඇති සූරන කොටස සූරා එහි ඇති අංකය 077-7665577 වෙත කෙටි පණිවිඩයක් (SMS) යවා එය තහවුරු කර ගන්න පුළුවන්.

බජාජ් වාහන සඳහා නිරතුරුවම ඔබට වගකීමක් සහිතව Bajaj Genuine Spare Parts කොටස් ලබා දෙන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමයි. Bajaj Genuine Spare Parts ඔබේ වාහනයට යොදා ගැනීම තුලින් ආරක්ෂාකාරීව රිය  ධාවනය කර ඔබේ මෙන්ම ඔබේ ආරක්ෂාවද තහවුරු වේ. එසේම කාලාන්තරයක් තිස්සේ පවතින නිසා යළි යළිත් අමතර කොටස් එකතු කිරීමට අවශ්‍ය නොවන නිසා ඔබේ වටිනා මුදල්ද ඉතිරි වේ.

මේ වටිනා කරුණු ඔබට මතක් කළේ රථවාහන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින්.