Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බුදු පිළිම කැඩූ අන්තවාන්දීන් ගැන සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානයේ මතය කියයි..! ශරියා නීතිය, මුස්ලිම් බැංකු ක්‍රම ගැන අවධානය යොමු වූ විශේෂ සාකච්ඡාව (EXCLUSIVE VIDEO)

11766Views

මහනුවර හා මාවනැල්ල යන ප‍්‍රදේශවල බුදුපිළිම කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ සිදූවීමක් වුණා. ඒ අනුව අදාල සිදුවීම සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමග නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනක්ද පැවැත්වුනා.

එම වැඩසටහනෙන් පසු සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය විසින් පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒ අනුව දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවේදී සමාජයේ විවාදයට බඳුන්වන කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුනා.

එහිදී මුස්ලිම් සංවිධාන, හලාල් සහතික, ශරියා නීතිය ඇතුළු බොහෝ දෙනාගේ කතා බහට ලක්වන කරුණු කාරණා රැසක් කෙරෙහි අවධානය යොමුවුනා.