Wednesday, January 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වීරවංශට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය - රුපියල් කෝටියක වන්දියක් ගෙවන්නැයි අධිකරණයෙන් නියෝග

6442Views

ජනතා විමුක්ති පෙරමුණට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙසට අධිකරණය අද (11) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ  මහතා වෙත නියෝගයක් ලබාදුන්නා.

විමල් වීරවංස මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින් අධීකරණ මෙම නියෝගය ලබාදුන්නා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර, අධිකරණය විසින් අදාළ කෘතිය ප්‍රකාශයට පත්කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද පනවනු ලැබුවා.

මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය ප්‍රකාශ කළා.

විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු  මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කර තිබුණා.
 

YOU MAY ALSO LIKE