Saturday, April 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වාහනයට එන්ජින් ඔයිල් දාන්නේ දැනගෙනද? රැල්ලට නොයා ලිහිසි තෙල් ගැන දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න

8649Views

අපිට අපේ හදවත වගේම වාහනයට වටිනාම දේ තමයි වාහනයේ එන්ජිම. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පෝෂ්‍ය පදාර්ථ සහිත ලේ ගමනයක් අවශ්‍ය  වනවා සේම වාහනයටත් කාර්යක්ෂම ලිහිසිකාරකයක් (engine oil) අවශ්‍ය  වෙනවා.

සාමාන්‍යයෙන් එන්ජින් එකක් ඇතුලේ එකිනෙක චලනය වන කොටස් තියනවා.මේ කොටස් එකිනෙක ඇතිල්ලෙන නිසා ඝර්ෂණයක් හටගන්නා අතර මේ නිසා එන්ජින් එකේ කොටස් ගෙවිලා කාර්යක්ෂමතාව අඩුවෙනවා. ඉන්ධන දහනයත් වැඩිවෙනවා. අන්තිමට එන්ජින් එකේ කොටස් වලට හානි වෙලා එන්ජින් එක සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙන්නත් පුළුවන්.

එන්ජින් ඔයිල් වලින් කරන්නෙ චලනය වන කොටස් අතර ඔයිල් ස්ථරයක් ලෙස තැන්පත් වෙලා එන්ජින් එකේ ඇතිල්ලිලා ගෙවෙන කොටස් අතර ඝර්ෂණය අවම කර එන්ජිම ආරක්ෂා කරන එක.

එන්ජින් ඔයිල් මඟින් සිදු කරන ප්‍රධාන කාර්යය ගැන අපි ඉහත පැහැදිලි කළා.මීට අමතරව එන්ජින් ඔයිල් මඟින් ,

1.දහනයේදී නිපදවන ආම්ලික වායු උදාසීන කරයි. (මෙමගින් මලකඩ කෑම වළක්වාලයි)
2.පිරිසිදු කරයි
3.අපද්‍රව්‍ය විසුරුවා තබා ගනියි
4.සිසිල් කරයි
5.සීල් කරයි

ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුව පාදක තෙල් සහ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා තමයි එන්ජින් ඔයිල් එකක් නිෂ්පාදනය කරන්නෙ. එන්ජින් ඔයිල් එකක වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ base oil නිසා එන්ජින් ඔයිල් එකේ ප්‍රමිතිය හා performance grade වලට බලපාන්නේ මේ base oil එක. Base oil අනුව engine oil වර්ග 3 යි.

1. Mineral Lubricating Oil
    
ඛනිජ තෙල් ආසවනයේ ඵලයක් වන පාදක තෙල් (base oil), Mineral Based Lubricant වල ප්‍රධානම සංඝටකයයි. පාදක තෙල් පිළිබඳ ලෝකය පිළිගත් වර්ගීකරණය වන ඇමරිකානු පෙට්රෝයලියම් ආයතනයේ වර්ගීකරනයෙහි (API Base Oil Classification) මිනරල් ඔයිල් සඳහා භාවිතා වන හොඳම ප්‍රමිතිය වන Group ii + පාදක තෙල් වලින් තමයි LAUGFS Lubricants නිෂ්පාදනය කරන්නේ. බාල base oil පාවිච්චි කරලා හදපු ප්‍රමිතියෙන් තොර එන්ජින් ඔයිල් වෙළදපොලේ අඩුවට ගන්න තියනවා.ඒ නිසා කවුරුත් කිව්වට ගන්නේ නැතුව කෑන් එක පරීක්ෂා කරලා එන්ජින් ඔයිල් එක ගන්න.

2. Synthetic Oil

කෘතීමව නිපදවෙන පාදක තෙල් (Base oil) සහ රසායනික ආකලන යොදා ගනිමින් නිපදවෙන ලිහිසි තෙල් තමයි Synthetic Oil කියන්නෙ. මෙමඟින් එන්ජිමේ කාර්යයක්ෂමතාව වැඩි කරන අතර ඉහළ හා පහළ උෂ්ණත්ව වලදී ඉතා හොදින් ක්‍රියා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් Hybrid වාහන සඳහා බහුලව භාවිතා කරන LAUGFS Lubricants Supreme Petra 0W-20 කියන්නේ Fully Synthetic එන්ජින් ඔයිල් එකක්.

3. Synthetic Blend Oil / Semi Synthetic oil

මෙමගින් මිනරල් සහ Synthetic Oවල අඩංගු සමහර ගුණාංගයන් පවත්වා ගැනීමට නිෂ්පාදනය කෙරේ.

ලංකාවේ වෙළඳපොලේ ඇති විවිධ ලිහිසි තෙල් වර්ග ගැන දැනගත් ඔබට ඊළඟ ලිපියෙන් ඔබේ වාහනයට ගැලපෙන හරිම ලිහිසි තෙල් වර්ගය තෝරාගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ ලිපිය ඔබ වෙත ගෙන එනු ලබන්නේ එන්ජින් ඔයිල් සඳහා පිළිගත් ඉහළම ප්‍රමිතියෙන් යුතු ලිහිසි තෙල් නිෂ්පාදනය කරන ලංකාවේ දූවිල්ලට, මාර්ග තත්වයන්ට හා දේශගුණයට ඔරොත්තු දෙන එකම  දේශීය ලිහිසි තෙල් නිෂ්පාදකයා වන LAUGFS Lubricants විසිනි. 

ලිපියේ පැහැදිලි කර ඇති කරුණු සම්බන්ධයෙන් ගැටළු හෝ ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්න..