Monday, August 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රංගන ශීල්පී රයන්ගේ මෝටර් රථය මිරිස්සේ හෝටලයකදී අත්අඩංගුවට..! මෝටර් රථයේ තිබී කේරල ගංජත් හමුවෙයි

14454Views

මාකඳුරේ මදුෂ් සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි  රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද බව කියන මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම ⁣මූලස්ථාන පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අදාල  මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත් සන්ෂයින්  සුද්දා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටිගේ ගේ සහෝදරයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබා දී ඇති බව සඳහන් වන අතර එය  වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර තිබෙනවා.

එසේම අදාල මෝටර් රථය තුල තිබී කේරල ගංජා  ග්‍රෑම් 5.75  (මිලිග්‍රෑම් 5750) ක් ද හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වනවා.