Monday, August 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් බහුතරයකට ව්‍යාජ ගමන් බලපත‍්‍ර - රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රය ගැන වෙනස් කතාවක්..!

9982Views

මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අයෙකු සතුව තිබී රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් ලැබුණු බවට පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් එරට නවතම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පිරිසකගේ ගමන් බලපත‍්‍ර මෙතෙක් එරට පොලීසිය වෙත ලැබී නොමැති බවත්, මාධ්‍ය වාර්තා අනාවරණ කළ ආකාරයට සැකකරුවන් අතර තිබී රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් මෙතෙක් ලැබී නොමැති බවත්ය.

එසේම අත්අඩංගුවට ගත් පිරිස අතරින් බහුතරයකට ව්‍යාජ ගමන් බලපත‍්‍ර ඇති බවට සැක කරන බවද එම වාර්තා සඳහන් කර තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගත් පිරිස අතර තිබී විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග‍්‍රෑම් 200ක් සොයා ගෙන ඇති බව මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර කොකේන්, හොරොයින්, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ඊට අයත් බවයි පැවසෙන්නේ. 

මාකඳුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එරට ආරක්ෂිත කැමරා පද්ධතියෙන් ද තොරතුරු ලබා ගෙන ඇති බවයි මේ වනවිට වාර්තා වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂිත කැමරා පද්ධතියක් කි‍්‍රයාත්මක අතර ඕනෑම අවස්ථාවක එරට සිටින සැකකරුවෙකු සම්බන්ධයෙන් විශේෂ කැමරා 42ක් මගින් තොරතුරු ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.