Monday, August 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මත් පැන් සාදයේ දුර දිග ගිය ගැටුම නිසා දරුවන් දෙදෙනෙකුට පියෙකු අහිමි වෙයි...!

3176Views

මිතුරන් අතර  පැවැති මත්පැන්  සාදයක් අතරතුරදී ඇතිවූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන්  හලවල්කැලය   ප්‍රදේශයේ පදිංචි මල්ලවආරච්චි කංකානම්ගේ සමන් පුෂ්පකුමාර නැමති 29 හැවිරිදි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිපැන්න පොලීසිය පවසනවා.

මිය ගිය පුද්ගලයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ හලවල්කැලය ප්‍රදේශයේ  මත්පැන් සාදයක් පවත්වා ඇති අතර,එහිදී එම ස්ථානයේ සිටි තවත් අයෙකු සමග ඇති වූ බහින් බස් වීමකදී මෙම පහරදීම සිදුව ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් පහර කෑමට ලක් වූ පුද්ගලයා ත්‍රිරෝද රථයක් මගින්  මීගහතැන්න  රෝහලට ඇතුළත් කිරීමට මිතුරන් හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබුනද  ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අදාළ සිද්දිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පහර දුන් බවට සැකකරන අයෙකු පොලීසිය මග හරිමින් සිටින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට  මෙහෙයුම් දියත් කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.