Saturday, February 23, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාශයේ පොලිස් නිලධාරියාට පහර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුදහන් වෙයි..!

3558Views

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාශයේ පොලිස් නිලධාරියකුට පහරදුන් බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන  බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ වන විට මන්ත්‍රීවරයා  ප්‍රදේශය හැරගොස් ඇතිබව වාර්තා වන අතර මන්ත්‍රීවරයාගේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දියතලාව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සඳහන් වුනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් බණ්ඩාරවෙල නගරයේදි අදාල පොලිස් නිළධාරියාට පහර දී ඇති බවටයි චෝදනා එල්ල වුනේ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කතානායකවරයාට සහ අධිකරණය වෙත දැනුම් දී ඇති බවයි  ජේයෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළේ.