Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අවුරුදු 22 ක නාවික සෙබලිය ලිපියක් ලියා තබා ජීවිතයට සමුදෙයි..!

6588Views

දක්ෂිණ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ 22 හැවිරිදි නාවික සෙබළියක් ගෙළ වැළලාගෙන දිවි හානිකරගෙන තිබෙනවා. 

ඇය පසුගිය 6 වනදා නිවාඩු ලබා ඌරගස්මංහන්දිය - මහවිල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති අතර ඇය සිය නිවස තුලදී මෙලෙස සිය දිවි හානිකරගෙන තිබුනේ ඊයේ (15) පස්වරුවේදීයි.

මෙම සියදිවි හානි කර ගැනීමට හේතුව කඳවුරේදී ඇතිවූ ගැටළුවක් බව සඳහන් වන අතර ඒ සම්බන්ධයෙන් ඇය ලියන ලද ලිපියක්ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.