Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මම ගැහුවේ තරහට" තරගය දිනූ ක්‍රීඩකයන් බීමත් වෙයි, රසිකයන්ට අසභ්‍ය වචනයෙන් බැන වදියි!

40968Views

දිගින් දිගටම ලැබූ පරාජයන් වැලකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දින (16) තරගයක් ජය ගත්තේය. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගනිමිනි.

මෙම ජයග්‍රහණය සැමරීමට ශ්‍රී ලංකා ක්‍රිඩකයන් මත්පැන් සාදයක් සංවිධානය කර තිබුනි. නවකයන්ද ජ්‍යේෂ්ඨයන්ද එකට එක්වී මත්පැන් පානය කර සිදු කළ කතාවක් ආන්දෝලනයට තුඩු දී තිබේ.

මෙහිදි මෙම ජය සැමරීමට කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම නවක ක්‍රීඩකයන්ද එක්ව සිටි අතර ඇතැම් ක්‍රීඩකයන් මත්පැන් පානය කරමින්ද සිටියි. මෙම අවස්තාවේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී ඇති අතර එම වීඩියෝවේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුරංග ලක්මාල් අසභ්‍ය වචනයෙන් යම් පිරිසකට බැන වදිනා අයුරු දැක්වේ.

මෙලෙසින් සුරංග ලක්මාල් බැන වදින්නේ කණ්ඩායම විවේචනය කළ පිරිසකට වන අතර එහිදි සුරංග ලක්මාල් පවසන්නේ "අපිට ගොඩක් *** එක එක දේවල් කිව්වා" යනුවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම ලබනා පරාජයන් පසුගිය කාළයේ විවේචනය කළේ සමාජජාලා මාධ්‍ය ඇතුලු ශ්‍රී ලංකා රසිකයන් විසිනි.

මෙහිදි මෙම ජයග්‍රහණය ලැබුවේ කෝච් වෙනුවෙන් බවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පවසනවා. රසිකයන් දිගින් දිගටම විවේචන කරද්දී ක්‍රීඩකයන් ආරක්ෂා කළ පුහුණුකරු සහ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ බලධාරීන්ද ක්‍රීඩකයන්ගේ වර්ණනාවට ලක්වීම විශේෂත්වයකි.

සුරංග ලක්මාල් ඇතුලු ක්‍රීඩකයන්ගේ මෙලෙසින් හැසිරෙද්දි කණ්ඩායමේ කළමණාකරු සහ පුහුණුකරු විනය පිළිබඳ තැකීමක් සිදු නොකර සිටීමද කතාබහට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කලාතුරකින් තරගයක් ජය ගෙන මෙලෙසින් හැසිරුනද තරග ජය ගැනීම පුරුද්දක් වී සිටිනා ලොව හොඳම කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා මෙලෙසින් නොහැසිරීම සාමාජ මාධ්‍යයන්ගේ කතාබහට ලක්ව තිබේ.

ඉන්දීය නායක සුපිරි පිතිකරු විරාත් කෝලී සැලකෙන්නේ සිය ක්‍රීඩකයන්ගෙන් ඉහළ විනයක් අපේක්ෂා කරන ක්‍රීඩකයෙකු ලෙසටයි. පසුගිය දින ඉන්දියාවේ විනෝදාත්මක රූපවාහිනි වැඩ සටහනක් වන කොෆි විත් කරන් වැඩසටහනට සහභාගී වී පල කළ විනෝදාත්මක අදහස් හේතුවෙන් හර්දික් පාන්ඩ්‍යා සහ ලෝකේෂ් රාහුල්ට තරග තහනමක් පැනවීමට පවා ඉන්දීය පාලක මණ්ඩලය පියවර ගත්තේය.

එතරම් ඉහළින් විනය ආරක්ෂා කරන ඉන්දීය කණ්ඩායම ටෙස්ට් වර්ගීකරණයේ පළමු වෙනි ස්ථානයේද, එක්දින හා විස්සයි විස්ස වර්ගීකරණයේ දෙවන ස්ථානයේද පසුවේ. 

මෙම තරගයට අලුතෙන්ම එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවකයන් සුපිරි දස්කම් දැක්වූ අතර ජ්‍යේෂ්ඨයන්ගේ මෙම හැසිරීම එම නවක ක්‍රීඩකයන්ට පවා නරක ආදර්ශයක් බව සමාජජාලාවන්හි ක්‍රිකට් රසිකයන් අදහස් දක්වා තිබුණි.