Monday, August 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වහලේ සැඟවී නිවසට එන මාරයාගෙන් බේරෙන්න - මේ දේවල් ගැන හරියට හිතන්න...!

8093Views

ලස්සන නිවසක් කියලා කියන්නෙ හැමෝටම තියෙන හීනයක්. ඒ හීනය සැබෑ කරගනිමින් නිවසක් ඉදිකරන් පටන් ගන්න බොහෝ දෙනා ටිකෙන් ටික නිවසේ වැඩ ඉවර කරලා නිවසේ වහල ගැසීමේ අවස්ථාවට ආවම ගොඩක් දේවල් කල්පනා කරනවා. මොකද  මේ වෙද්දි සෙවෙලි තහඩු මිලදී ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම කතා බහට ලක්වෙන කාරනාවක් තමයි තමන් මිළදී ගන්න සෙවිලි තහඩුවල සෞඛ්‍යයට හානිකර පිළිකාකාරක ද්‍රව්‍යය අඩංගුද නැද්ද කියන එක. මොකද අප මිලදී ගන්නා සෙවිළි තහඩු වල ඇස්බැස්ටෝස් හෝ ඊයම් අඩංගු වනවානම් එය ඉතාමත් අහිතකර තත්වයක්.

අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හදන නිවසේ හැම දෙනාම එක්ක සතුටින් ජීවත් වෙන්නනම් අපේ සෞඛ්‍යයට අපි මුල් තැන දෙන්න ඕන. ඒ නිසාම ඔබේ සෞඛ්‍යයට කිසිඳු ආකාරයක අහිතකර බලපෑමක් එල්ල නොවන අහිතකර ඇස්බැස්ටෝස් හෝ ඊයම් අඩංගු නොවන බවට තහවුරු කරපු ආරක්ෂිත සෙවිළි තහඩු නිෂ්පාදන පෙළක් මේ වෙද්දි වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වා දුන් Idea සමූහ ව්‍යාපාරය විසින්  ‘වීරා’ Roofing නමින් හඳුන්වා දුන් මෙම නිෂ්පාද පෙළෙහි ඇති ASA ලේයරය නිසා නිවාස තුල රස්නය අවම කරනු ලබනවා. ඒ තුලින් ඔබට අමතරව වැය වන බලශක්තියද ඉතිරි කර ගන්න පුළුවන්.

ගොඩක් දෙනාට තියෙන ගැටළුවක් තමයි තමන්ගෙ නිවසේ වහලට යොදන සෙවිලි තහඩු වල කල්පැවැත්ම. නමුත් ඔබ මිලදී ගන්නේ සෞඛ්‍යාරක්ෂිත ‘වීරා’ සෙවිළි තහඩුනම් ඒ ගැන දෙපාරක් සිතන්න දෙයක් නැහැ. මොකද  වීරා සෙවිලි තහඩු තුල යකඩ සංයෝග අඩංගු නොවන නිසා මලකඩ කෑම සිදු වන්නේ නැහැ. ඒ නිසා මුහුදුබඩ ප්‍රදේශ වලටත් කිසිම බයක් නැතිව ‘වීරා’ සෙවිලි තහඩු යොදා ගන්න පුළුවන්.

ඒ වගේම තමයි වීරා සෙවිලි තහඩු ඕනෑම දිගකින් ලබා ගන්න පුළුවන් නිසා Over Lap කිරීම අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා සාමාන්‍ය සෙවිළි තහඩු වල වගේ ජල කාන්දු වීමක් සිදු වෙන්නෙත් නැහැ.

වැදගත්ම දේ තමයි වීරා සෙවිලි තහඩු වල පාට වෙනස් නොවීම. ඒ නිසා ඔබට දිගු කාලයක් ඔබේ නිවසේ ලස්සන රඳා පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම වර්ග මීටරයක් තුල 200kg පමණ බර දරා ගන්න පුළුවන් ශක්තියෙන් ඉහල වීරා සෙවිලි තහඩු ISO 9001-2015 තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය කරන නිසා ඔබට ඉතාමත් විශ්වාසවන්තව ලබා ගන්න පුළුවන්.

ඉතිං ශක්තිය, කල්පැවැත්ම,සිසිලස සමඟ ඔබේ හිසට බරක් නොවන ‘වීරා’ Roofing ඔබට ළඟම සියන හෝ සිවිලිම ප්‍රදර්ශනාගාර තුලින් මෙන්ම ප්‍රධාන පෙළේ හාඩ්වෙයාර් වලින් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ ගැන තව දුරටත් මොනවා හරි ඔබට දැන ගන්න අවශ්‍යනම් 07 2200 2200 අංකයට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්.