Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අපරාධයක් ගැන සාක්ෂි දෙන්න බිය විය යුතු නෑ - සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න විශේෂ පනතක්!

1542Views

ශ්‍රී ලංකාවාසි බොහෝ දෙනා අපරාධයක් සිදුවූ පසු හෝ සිදුවන විට එයට එරෙහි වී එය නැවතීමට උත්සාහ දැරීමට හෝ වැරදිකරුවන්ට දඬුවම් දීමේ  ක්‍රියාවලියට සහය වීමට ඉදිරිපත් නොවේ. ඒ අපරාධයක් පිළිබඳව සාක්ෂි ලබා දුන් පසු තමන්ද අනතුරට පත් විය හැකි බවට මෙරට පොදු ජනතාව තු ළ පවතින මතයක් හේතුවෙනි.

කෙසේ වෙතත් මේ වනවිට අපරාධයක වින්දිතයන්, සාක්ෂිකරුවන්ට සහ අනවශ්‍ය නාද කරන්නන්ට ආරක්ෂාව මෙරට නීතියෙන්ම සැලසී තිබේ. ඒ 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත මගිනි.

මෙම පනත මගින් අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂාව තහවුරු කර ඇති සේම ඔවුන්ව ආරක්ෂා කිරිමට තාවකාලික නවාතැන් සැපයීමට පවා රජය බැඳී සිටියි. එහිදි යම් කිසි අපරාධයක හෝ දූෂණ වංචාවක සාක්ෂිකරුවන්ගේ රැකියාවට බලපෑමක් සිදු වුවහොත් තාවකාලික සහ ස්ථිර ලබා දීමටද රජය මෙම පනත මගින් ක්රියා කරනු ඇත.

මේ අනුව අපරාධයක වින්දිතයෙකුට සහ සාක්ෂිකරුවෙකුට නෛතික ආරක්ෂාව ලබා දීමට විශේෂ පොලිස්  කොට්ඨාෂයක් පවා මෙම පනත මගින් පිහිටුවා තිබේ. එහිදී අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් තර්ජන, පලිගැනීම් සහ බිය වැද්දීම්වලින්, හානි වලින් ආරක්ෂා කිරීමට එම අදාල කාර්යාංශ වග බලා ගනියි.

මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International)  සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යංශයෙන් ලබා ගත හැකිය. එහිදී  http://www.tisrilanka.org/vwp/  වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

තවද අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්  ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ඇමතීමෙන්ද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට ලබා ගත හැක. 0112 879 539 යන දුරකථන අංකයෙන් ඔබට මේ පිළිබඳව වැඩි විස්තර දැන ගත හැකිය.