Monday, May 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

''හොඳම පාසල සිහිනයක් නොවේ‘‘ මතු පරපුර සවි ගන්වන අධ්‍යාපනයේ විප්ලවීය වෙනස ඇරඹෙයි (VIDEO)

3621Views

ශ්‍රී ලංකාව යනු සාක්ෂරතාවය අතින් ඉහළින්ම සිටින රටක්.දකුණු ආසියාවේ සහ ලෝකයේ සෙසු රටවල් හා සසඳන කල ශ්‍රී ලාංකිකයින්ගේ ලිවීමේ සහ කියවීමේ හැකියාව සැලකිය යුතු තරම් ඉහළ අගයක් ගන්නවා.මෙයට ප්‍රධානතම හේතුව වන්නේ කුඩා කල සිට දරුවන්ට නොමිලේම ලබා දෙන අධ්‍යාපනයයි.නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා මෙරටින් බිහිවුන බුද්ධිමතුන් ප්‍රමාණය ඉමහත් ය.

නමුත් පසුගිය කාලයේදී බොහොමයක් දෙමවුපියන්ට තිබූ ප්‍රධානතම ප්‍රශ්නය වූයේ සිය දරුවාව නගරයේ ප්‍රධාන පාසලකට ඇතුලත් කර ගැනීමට තිබූ උනන්දුවයි.මේ නිසාම ග්‍රාමීය පාසල් වැසී යාමේ තර්ජනයකට මුහුණ දුන් අතර ඇතැම් විට දරුවාට ළඟ පාසල වෙනුවට කිලෝ මීටර් ගණනක් ඈත පාසලකට ඔහුව යොමු කිරීමට දෙමවුපියන් පෙළඹිණි.මෙය දරුවාට මානසිකව සහ දෙමවුපියන්ට  ආර්ථික වශයෙන් පසු කාලීනව බලපෑ කරුණක් බව රහසක් නොවේ.  මේ ගැටලුව මනාව හඳුනාගත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව "ළඟම පාසල-හොඳම පාසල"නම් වූ ව්‍යාපෘතිය ආරම්භ විය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම වැඩපිළිවෙළ යටතේ පාසල් 200 ක ,නිම වුන ව්‍යාපෘතීන් 200ක් සිසු දරුවන්ගේ අයිතියට පිරිනැමීම සිදුවිය.කුලියාපිටිය ශාන්ත ජෝශප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරමින් මෙම ජාතික මහෝත්සවය, කුලියාපිටිය නගර සභා පිටියේදී ඇරඹුන අතර දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් මෙම ඉදිකිරීම් සිදුකර තිබෙනවා. ඒ යටතේ ඉදිකළ දෙමහල්, තෙමහල් පන්ති කාමර ගොඩනැගිලි, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණ විද්‍යාපීඨ, පරිපාලන ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන, සෞන්දර්යය ඒකක, දුෂ්කර ප්‍රදේශවල විදුහල්පති හා ගුරු නිල නිවාස, ශිෂ්‍ය නේවාසිකාගාර, තාක්ෂණගාර,බහුකාර්ය ගොඩනැගිලි, ආපණ ශාලා ඇතුළු ව්‍යාපෘති රැසක්  විවෘත කිරීම පැසසිය යුතු කරුණක් වනවා.

දැනට විවෘත කෙරුන ඉදිකිරීම් 200 සඳහා වැයකර ඇති මුදල රු.මි. 3,938 කට ආසන්නයි.

දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන සේවාවක් හඳුන්වා මතු පරපුර දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන යන මෙම ජාතික ක්‍රියාන්විතය යටතේ තවත් ව්‍යාපෘතීන් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතයි .

YOU MAY ALSO LIKE