Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තරගයක් නොමැතිවම මෛත්‍රී ජය ගනියි - එජාප පසුපෙලේ ඉල්ලීම අගමැති රනිල් කුණු බක්කියට දමයි!

5663Views

මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඡන්දයක් හෝ නොමැතිව පාර්ලිමේන්තුවේදි සම්මත විය.

ජනපති වැය ශීර්ෂය සඳහා ඡන්දයක් අවශ්‍ය බවට එජාප පසු පෙළ මන්ත‍්‍රීවරයකු වන චමින්ද විජේසිරි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. නමුත් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා නැගී සිට එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ජනාධිපති වැය ශීර්ෂය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (13) සම්මත විය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අවසානයේදී කථානායකවරයා බෙදීමක් අවශ්‍ය දැයි සභාවෙන් විමසා සිටියේය. මේ අවස්ථාවේ නැගී සිටි බදුල්ල දිස්ත‍්‍රික් (එජාප) මන්ත‍්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප‍්‍රකාශ කළේය.

එහෙත් ඒ අවස්ථාවේදීම නැගී සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේය.

ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ එජාප පසු පෙළ මන්ත‍්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය දෙන බව ඊයේ ප‍්‍රකාශ කර සිටියේය.

අගමැතිවරයා සහ සභානායකවරයාගේ මැදිහත්වීමෙන් ඡන්දකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය සම්මත වුව ද වැය ශීර්ෂය පිළිබඳව පසු පෙළ මන්ත‍්‍රීවරුන් දැක්වූ විරෝධය සටහන් කර ගන්නා ලෙස කථානායකවරයා දැනුම් දුන්නේය.