Monday, May 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මේ කරුණු 5 ගැන හිතලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගත්තොත්නම් ජිවීතේම ගොඩ දාගන්න පුලුවන්

14049Views

1.අඬ බෙර ගසා රටටම පවසන්න යන්න එපා
 
සාමාන්‍යයෙන් අපි යම් දෙයක් කරන්න කලින් අපේ වටේ පිටේ ඉන්න උදවියගෙන් උපදෙස් ගන්නවනේ.සමහරවෙලාවට ඒ විදිහට ගන්න උපදෙස් නිසා අපි ගොඩ යන වෙලාවනුත් තියෙනවා.සමහර වෙලාවට අපි අමාරුවේ වැටෙන වෙලාවනුත් නැතුවාම නෙවෙයි.කතාවකුත් තියෙනවනේ,"ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් ගන්න එපා" කියලා.මේ කතාව ඕනෑම ක්ෂ්‍රේතයකට අදාළයි.නොදන්නා දේවල් ගැන නොදන්නා අයගෙන් අහගත්තොත්නම් ඔබ වැටෙන්නෙ අමාරුවකයි.සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාර්ඩ් කියපු ගමන් ගොඩක් අයගෙ ඔලුවට එන්නෙ "අනේ අපොයි ..ඕවා අරගෙන අමාරුවේ වැටෙන්නෙ මොකටද" කියලයි.ක්‍රෙඩිට් කාර්ඩ් ගැන හරියටම දන්නෙ නැතුව අඳුරේ අතපත ගාපු සමහරු අපේ ඔලුවට දාන්නෙත් ඒ වගේ අදහස් නිසා අපිත් හිතන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් නිසා අපිත් අමාරුවේ වැටෙයි කියලා..හැබැයි ඇත්ත කතාව මීට වඩා ගොඩක් වෙනස්.දැනගෙන හරියට පාවිච්චි කලොත් ක්‍රෙඩිට් කාර්ඩ් නිසාම ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්.කලට වෙලාවට හිඟ මුදල් පියවලා , අවශ්‍ය දේවල් වලට විතරක් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බිල ගෙවලා , ක්‍රෙඩිට් කාර්ඩ් වලට ලැබෙන වාසි සහ ප්‍රතිලාභ ගැන දැනුවත් වෙලා ඉන්නවනම් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් කියන දේ එදිනෙදා ගණුදෙනුවලදී ලඟ තියෙන්නම ඕන දෙයක් කියලා ඔයාටම වැටහේවි.

අපි මේ කියන ක්‍රෙඩිට් කාර්ඩ් කතාවේ පලවෙනිම පාඩම තමයි, ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න කලින් නොදන්නා අයගෙන් අහලා වැරදි අවබෝධයක් ගන්න එපා කියන එක.ක්‍රෙඩිට් කාර්ඩ් ගැන අන්තර් ජාලයේ,පොත පත්වල ඕනා තරම් විස්තර තියෙනවා.එහෙමත් නැතිනම්,ඔයාට මේ දුරකථන අංකයට කතා කරලා මේ දවස්වල ක්‍රෙඩිට් කාර්ඩ් වලට තිබෙන හොඳම ඔෆර්ස් ගැන දැනගන්නත් පුලුවන්.

මෙන්න දුරකථන අංකය - 011 200 88 88


2.ක්‍රෙඩිට් ලිමිට් එක ඔයාම තීරණය කරන්න.

කෑම එකක් බෙදා ගද්දි ඔබට කන්න පුලුවන් ප්‍රමාණය දන්නේ ඔබමනේ.මෙතනදිත් එහෙමයි.ඔබේ මාසික වැටුප,ඔබට ලැබෙන අමතර ආදායම් වගේම සාමාන්‍යයෙන් මාසිකව ඔබට වැයවෙන වියදම් ලේඛණයත් එක්ක සසඳලා ඔබට දැරිය හැකි ණය සීමාව තීරණය කළ යුත්තේත් ඔබ විසින්මයි.ගොඩක් අය වරද්දාගන්නෙත් මෙතනදිම තමයි.ලොතරැයියක් ඇදුනා වගේ කියලා හිතාගෙන,තමන්ට දැරිය නොහැකි සීමාවක ක්‍රෙඩි කාර්ඩ් පතක් ගත්තොත් ඔබට එය ගෙවීමේදී ගැටලුවලට මුහුන දෙන්න වෙනවා."ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන අමාරුවේ වැටෙන්න එපා"කියලා කියන ගොඩක් අයට වෙලා තියෙන්නෙත් මේ අත්දැකීමම තමයි.

ඉතිං..ඒ නිසා ඔබ මේ ගොඩට වැටෙන්න යන්න එපා.ඔබේ තරම දැනගෙන එයට අදාළ ණය සීමාවක ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගත්තොත් කිසිම කරදරයක් නැතුව මේ කාර්ඩ්වලින් ලැබෙන ප්‍රතිලාභ අත් විඳින්න පුලුවන්. ඕනෑම බැංකුවකින් වර්ග කිහිපයක ක්‍රෙඩිට් කාර්ඩ් හඳුන්වලා දීලා තියෙන්නේ මේ නිසයි.උදාහරණයක් විදිහට අපි සෙලාන් බැංකුව ගමුකෝ.ඔවුන් විසින් ක්‍රෙඩිට් කාර්ඩ්පත් වර්ග 4ක් හඳුන්වා දී තිබෙනවා. ඒ ණය සීමාවන් 4 කට , platinum Card, Freedom Card, Gold Card  සහ Classic Card යනුවෙන්.

 
 3. යන යන තැන සල්ලි පොදි බැඳගෙන යන්න ඕන වෙන්නෙ නැහැ..

ඉස්සරහට එන්නේ උත්සව කාලයනේ.දැනටමත් අපේ කාන්තා පාර්ශවයනම් ෂොපිං කරන්න යන්නත් සූදානම් වෙලා ඇති.සෙනඟ අස්සේ ෂොපිං කරද්දී,බෑග් පටවලගෙන එහෙ මෙහෙ යද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සල්ලි ටික පරිස්සම් කරගන්න එක.දකින දකින විලාසිතාවන් කෙරෙහි අපේ කාන්තාවන්ගේ හිත තිබුනට,පිරිමි අයගෙනම් හිත තියෙන්නේ තමන්ගේ සාක්කුවේ තියෙන මුදල් පසුම්බිය ලඟ.ඒත් එක්කම ඉතිං ඉස්සරහට එන අනික් ප්‍රශනය තමයි ATM යන්ත්‍රවලින් මුදල් ගන්න ගියාම කරදරේ.ඔය බඩු මලු අතින් කටින් උස්සගෙන ඒවා අස්සේ රිංගන්නත් බැහැ.ලඟ පාතක ATM යන්ත්‍රයක් නැතිනම් මුදල් ගන්නෙ කොහොමද කියලා දෙපාරක් හිතන්නත් වෙනවා.

ඒත් ඔයා ලඟ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවනම් මේ කිසිම කරදරයක් නැහැ.ණය සීමාව ඉක්මවන තුරුම වියදම් කරන්න පුලුවන්කම වගේම ඔයාගේ බැලන්ස් එක ගැන ෆෝන් එකට එන කෙටි පණිවුඩ හරහා දැන ගන්නත් පුලුවන්.

හැබැයි උත්සව කාලයේදී ක්‍රෙඩිට් කාර්ඩ් එකක් පාවිච්චි කරද්දි ඔබට ලැබෙන ලොකුම වාසිය මොකක්ද කියලා දන්නවද?ඔයා නිමි ඇඳුම්,විලාසිතා උපකරණ,රන් භාණ්ඩ,වෙනත් බඩු භාණ්ඩ ගද්දි ඔයාට හිතා ගන්නත් බැරි තරමේ වට්ටම් සහ වාසි මේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ඔයාට ලැබෙනවා.

කාලෙන් කාලේට ලැබෙන මේ ප්‍රතිලාභ අතරේ මේ දවස්වල ඔයාට ලැබෙන හොඳම ප්‍රතිලාභ ගැන මෙන්න මේ ලින්ක් එකෙන් දැනගන්න පුලුවන් https://www.seylan.lk/

4. පඩිය ඉතුරු කරගන්නත් පුලුවන්

දැන් ඔබ හිතාවි ඒ කොහොමද කියලා..මෙහෙම හිතන්නකෝ.ඔබ හැමදාමත් හවස වැඩ ඉවරවෙලා ගෙදර යන ගමන් එදිනෙදා ජීවිතයට ඕන කරන දේවල් ගන්නවනේ.ගෙදරට ඕන කරන එළවළු,පලතුරු වගේම පොඩි දරුවන්ට අවශ්‍ය කරන දේවලුත් මේ දේවල් අතර තියෙනවා වෙන්න පුලුවන්.දැන් අපේ රටේ හැම සුපිරි වෙළඳසැලකදීම වගේ මේ දේවල් අරගෙන ක්‍රෙඩිට් කාර්ඩ් පතෙන් බිල ගෙවනවිට බොහොමයක් අවස්ථාවලදි ක්‍රෙඩිට් කාර්ඩ් වලට වට්ටම් ලැබෙනවා. ඔබ සාමාන්‍යයෙන් සිදු කරන්නේ රුපියල් 1000 ක මුදලක් පසුම්බියෙන් අරගෙන ගෙවන එක කියලා හිතමුකෝ.ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බිල ගෙවන විට 10% ක වට්ටමක් ලැබෙනවා.දැන් ඔබ ඒ බිල ගෙවන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් නම් ඔබ ගෙවිය යුත්තේ රුපියල් 900 ක් පමණයි.

සතියකදී මේ විදිහට ඔබ අවස්ථා තුනකදී ගණු දෙනු කරනවා නම් ඔබට රුපියල් 200-300ක් බොහොම පහසුවෙන්ම ඉතිරි කරගන්න පුලුවන්.ගණන් හදලා බැලුවම එක් මාසයකදී රුපියල් 1000-2000ක් අතර ප්‍රමාණයක් ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතයෙන් ඉතිරි කරගන්න පුලුවන්. නියමිත දවස වෙද්දි ඔබ ක්‍රෙඩිට් කාර්ඩ් එකේ හිඟ මුදල පියවනවානම් අමතරව එක රුපියලක්වත් ඔබ ගෙවිය යුතු වන්නේත් නැහැ.

ඔබ භාවිතා කරන්නේ සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාර්ඩ්පතක් නම්  ඉන්ධන ලබා ගැනීමේදී, හෝටල් නවාතැන් පහසුකම් ලබා ගැනීමේදී,ආහාර ඇණවුම් කිරීමේදී සහ වෙනත් බොහොමයක් අවස්ථාවලදී විශේෂ වරප්‍රසාද අත් විඳින්නත් පුලුවන්කම තිබෙනවා.
 

5. මුදල් හදිසියකදී කාගෙන්වත් අත මාරුවක්වත් ඉල්ල ගන්න ඕන වෙන්නෙත් නැහැ

මුදල් අග හිඟකම් කියන දේවල් කොයි වෙලාවේ කාට එයිද කියලා අපිට කල් තියා කියන්න බැහැනේ.මාසෙ අන්තිම වෙද්දි පඩිය බැංකු ගිණුමට වැටෙනකල් බලාගෙන ඉන්න අපිට, ඕනෑ තරම් මුදල් අවශ්‍යතාවයන් මතුවෙනවා.දරුවෙකුගේ හදිසි අසනීපයකදි,නොසිතූ කරදරයකදී වගේම ගෙදර ගෑස් එක ඉවරවෙනවා වගේ පොඩි පොඩි දේවල් පවා නොසිතූ වෙලාවක සිදු වෙන්න පුලුවන්.ඒත් මේ වගේ වෙලාවට අතේ මුදල් නැතිනම් අපි වැටෙන්නේ අමාරුවක.හැබැයි ඉතිං ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලඟ තියෙනවානම් මුදල් හදිසියක් ආවත් ඔබ බිය විය යුතු නැහැ.මොකද ක්‍රෙඩිට් කාර්ඩ් එක හරහා ඔබට අවශ්‍ය දේවල් මිලට ගන්න පහසුකම වගේම අවශ්‍යනම් ඔබට ATM යන්ත්‍ර හරා ක්‍රෙඩිට් කාර්ඩ් එක මඟින් මුදල් ලබා ගන්නත් පුලුවන්.

ඉතිං..කිලෝ දෙක තුනක් බරට නෝට්ටු පුරවා ගත්ත මුදල් පසුම්බියක් ලඟ තියාගන්නවට වඩා හරිම පහසු සරල එක ක්‍රෙඩිට් කාර්ඩ් පතක් ලඟ තබා ගන්න එක කොයි තරම්නම් සිම්පල් ප්ලෑන් එකක්ද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති.

“නොදැන ගියොත් අතරමඟ- දැනගෙන ගියොත් කතරගම” වගේ,දැනගෙන ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන අවබෝධයෙන් භාවිතා කලොත් ජීවිතේම ගොඩ දාගන්න පුලුවන් කියලා මේ ලිපිය Share කරන ගමන් ක්‍රෙඩිට් කාර්ඩ් ගැන උනන්දුවෙන ඔබේ යහලුවාටත් කියා දෙන්න අමතක කරන්න එපා

YOU MAY ALSO LIKE