Saturday, April 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හෙට සිට විදුලිය කැපීම කාළ සටහනකට අනුව - දිවයිනේ විවිධ ප්‍රදේශ වලට විදුලිය කැපෙන හැටි ප්‍රකාශ කරයි

11422Views

අධික විදුලි ඉල්ලූම සහ ජලාශ වල ජලමට්ටම සීඝ්‍රයෙන් අඩුවී තිබීම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් විදුලි කප්පාදු කාලසටහනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන්  විදුලි ඉල්ලූම සීග්‍රයෙන් ඉහළ යාම නිසා අවශ්‍ය විදුලි සැපයුම අඛන්ඩව ලබාදීමේ ගැටළු මතුව පවතින බවයි.

මේ හේතුවෙන් උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති අතර පස්වරු 2.30 සිට 5.30 දක්වාත්, පස්වරු 6.30 සිට 7.30 දක්වා හෝ පස්වරු 7.30 සිට රාත්‍රී 8.30 දක්වාත් කාළය තුල  විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.