Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගෙදර තියාගෙන ඉන්න රත්තරන් බඩු වලින් ආයෝජනය කරන ක්‍රමය මෙන්න

6900Views

රත්තරන් කියන්නෙ ඇත්තටම ගණන් දෙයක්නේ.ඒ නිසා ඉතිං "ඇයි රත්තරන් ඔච්චර ගණන් ? "කියලා බොරුවට කාගෙන්වත් අහන්න යන්න නම් එපා.මොකද රත්තරන් දවසින් දවස ගණන් යන්නෙ ඇයිද කියලා හැමෝම දන්නවා.හේතුව තමයි ඒවාට ඇති අධික ඉල්ලුම.රත්තරන් ඒ තරමටම වටින්නේ අන්න ඒ නිසයි.හැබැයි ඉතිං කීය කීය හරි එකතු කරලා ගන්න රත්තරන් බඩු ටික වැඩි පරිස්සමට අල්මාරිය අස්සට දාලා ඉබි යතුර දාලා ලොක් කරලා තිබ්බට ඒ වටිනාකම වැඩි වෙන්නෙ නම් නැහැ.ඒ වෙනුවෙන් විවිධ ක්‍රම තිබෙනවා.ඔබේ රත්තරන් බඩු වලින් වැඩක් ගන්න පුලුවන් ක්‍රමයක් වගේම වටිනාකම වැඩි කරගන්න ක්‍රමයක් ගැන තමයි මේ කියන්නේ.

මාසෙ අන්තිමට අතට එන පඩිය එකතු කරලා ,තවත් කීය කීය හරි දාලා ඔබ රත්තරන් බඩු ටිකක් ගත්තා කියලා හිතමුකෝ.දැන් ඕවා පාවිච්චියට ගන්නෙ එක්කො වෙඩින් එකකට යද්දි..එහෙමත් නැතිනම් වෙනත් උත්සවයකට,සාදයකට  යද්දි.ඕනෙමනම් මාසයකට ඒ වගේ අවස්ථා උපරිම තුනක් හතරක් තියෙයි.ඒ කියන්නෙ අවුරුද්දටම රත්තරන් බඩු වලින් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නෙ දවස් 50 කටත් අඩු ගණනකදී.

දැන් ඔබට හොඳටම තේරෙනවා ඇති මුදල්වලට ගන්න රත්තරන් බඩුවලින් ඔය විදිහට තියාගෙන නම් ලාබයක් ගන්න බැහැ කියලා.එහෙනම් කොහොමද මේ වැඩේ කරන්නෙ.හරි අපි බලමු.

සාමාන්‍යයෙන් රත්තරන් බඩු උකස් කරනවා කියන එක සමහරුන්ට නම් මදිකමක් වගේනෙ.ඒත් මේ ක්‍රමය හොඳ ආයෝජනයක් කියලා ඔබ මොහොතකටවත් හිතුවෙ නැතුව ඇති.මේ උපක්‍රමය අපිට අලුත් දෙයක් වගේ පෙනුනට ද්‍රවිඩ සමාජයටනම් මේක බොහොම සාමාන්‍ය දෙයක්.කොහොමත් ඔවුන් ප්‍රචලිත රත්තරන් බඩු වලට වැඩි ඇල්මක් දක්වන පිරිසක් විදිහට.

අපි මේ කියන්නේ ඔවුන් සිදු කරන අපූරු ක්‍රමයක් ගැන.ඔබ මුදල් දී ගත්ත රත්තරන් බඩු වල වටිනාකම රුපියල් 50,000ක් කියලා හිතන්නකෝ.ඔය රත්තරන් බඩු ටික ඔබ බැංකුවක උකස් කරා කියලා අපි උපකල්පනය කරමු.දැන් ඔබට අතට උකස් කල මුදල ලැබෙනවා.ඒ වගේම ඔබේ රත්තරන් බඩු ගැන් ආයේ වද වෙන්නෙ ඕන වෙන්නෙත් නැහැ.

දැන් තමයි මේ වැඩේ ඊලඟ අදියර.අර ඔබට ලැබුන සල්ලිවලින් ඔබට පුලුවන් ආයෙම වතාවක් තවත් රත්තරන් බඩු ටිකක් සල්ලිවලට ගන්න.ඒ රත්තරන් බඩු ටිකත් අර කියපු විදිහට ආයෝජනය කරන්න පුලුවන්.සැලසුම් සහගතව කලොත් මාස කිහිපයකින්ම ඔබට ජීවිතයම ගොඩ දාගන්න පුලුවන්.

මොකද කවදාවත් රත්තරන් බඩු වල වටිනාකම අඩු වෙන්නෙ නැති නිසා.ඒවා දවසින් දවස මිල වැඩි වෙනවා.අද ඔබ ගත්ත රත්තරන් බඩු ටික තවත් මාස කිහිපයකින් වැඩි ගානකට තවත් කෙනෙක්ට විකුණනන්නත් පුලුවන්.අපි මේ කියපු විදිහට ඒවා උකස් කරලා ගන්න මුදල් වලින් ඔබ තවත් රත්තරන් බඩු අරගෙනනම් තියෙන්නෙ ආයේ ඉතිං ඔබේ දියුණුව ,කාටවත්ම නතර කරන්න නම් බැරිවේවි.

මෙච්චර කාලයකට අපි හිතුවේ රත්තරන් බඩු බැංකුවට උකස් කරන්නේ සල්ලි හදිස්සියකදි විතරයි කියලනේ.ඒත් දැන් ඔබටම වැටහෙනවා ඇති ආයෝජනයක් විදිහටත් මේ රත්තරන් බඩු උකස් කරන්න පුලුවන් කියලා.

අනිත් කරුණ තමයි බැංකුවක මේ දේවල් තියෙද්දි ඔබ බිය විය යුතු වන්නේත්  නැහැ.විශේෂයෙන්ම සෙලාන් බැංකුව වැනි බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් බැංකුවක රත්තරන් බඩු උකස් කිරීමේන් ඔබට වඩා හොඳ ප්‍රතිඵලයක් අත් කරගන්න පුලුවන්.වැඩි මුදලක් ඔබට ලබා දෙනවා වගේම ඔවුන් අය කරන්නේ ඉතා සුලු පොලියක්.ඒ වගේම සුහදශීලී සත්කාරය නිසා කාටවත් කරදරයක් නැතුව ,ආරක්ෂාකාරීව ඔබේ වැඩෙත් ඉක්මනින්ම  කරගන්න පුලුවන්.

ආරක්ෂාව වගේම රහසිගතභාවය අතින් සෙලාන් බැංකුව ගණුදෙනුකරුවන් අතර ඉහළින්ම විශ්වාසය දිනාගෙන සිටිනවා.කිසිම ආකාරයකින් ඔබේ අනන්‍යතාවයට හානියක් නොවන නිසාම ඔබේ රත්තරන් බඩු වලට වැඩි වටිනාකමක් ලබා දෙන හොඳම බැංකුව සෙලාන් බැංකුව බව රහසක් නොවේ.