Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඔබ තවදුරටත් ඉංග්‍රීසි වලට බිය විය යුතු නෑ - ඔබට අවශ්‍ය සිංහල වචනයට සමාන නිවැරදි ඉංග්‍රීසි වචන සැනෙකින් සොයාගන්න වටිනා ශබ්දකෝෂයක් (VIDEO)

5029Views

  • විසි වසරක පර්යේෂණයක අග්‍ර ඵලය බුද්ධදාස හේවගේ සිංහල - ඉංග්‍රීසි ශබ්ද කොෂය 

  • ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අංග සම්පූර්ණ එකම සිංහල ඉංග්‍රීසි ශබ්ද කොෂය

මානව සංස්කෘතියේ අසහාය නිර්මාණයක් වන ‘භාෂාව’ මිනිසාගේ සිතෙහි පහළ වන අදහස් හා සංකල්ප අන් අය සමඟ බෙදාහදා ගැනීමට ඇති වැදගත්ම මාධ්‍ය බවට පත්වී තිබෙනවා. ලොව පුරා මිනිසුන් විවිධ භාෂා කතා කරද්දි ලංකාවෙ බහුතරයක් දෙනා කතා කරන භාෂාව වෙන්නෙ සිංහල. කොහොම වුණත් ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වෙලා තියෙන මේ යුගයේ අපේ අදහස් හුවමාරු කරගන්න, ලෝකයේ වෙනත් රටවල් සමඟ පහසුවෙන් ගණුදෙනු කරන්න විතරක් නෙමෙයි ජීවිතයේ හැම දේකටම ඉංග්‍රීසි කියන ජාත්‍යන්තර භාෂාව වැදගත් වෙලා තියෙනවා.

සමහර විට මේ ලිපිය කියවන ඔබත් ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න ගොඩක් උනන්දුවෙන් ඇති, ඒ වගේම සමහර විට ඉංග්‍රීසි භාෂාව නොදන්න නිසා අපහසුතාවයට පත්වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. භාෂාවක් ඉගෙන ගන්නනම් ඔබට අවශ්‍ය වෙන්නෙ ඒ භාෂාවේ අන්තර්ගත වචන.

උදාහරණයක් විදියට ඔබ කතා කරන සිංහල භාෂාව ඔබ අමුතුවෙන් ඉගන ගත්තාද..? පුංචි කාලෙ ඉඳලා ඔබට ඇහුනු වචන එකතු කරමින් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරපු ඔබ අද බොහොම හොඳින් සිංහල කතා කරනවා.

ඒ විදියට ඔබට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන වචන ශබ්ද කෝෂයක් පාවිච්චි කරලා ඔබට සොයා ගන්න පුළුවන්. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මොකද වර්තමානයේ තියෙන ගොඩක් ශබ්ද කෝෂ තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට අදාල වචනවල සිංහල තේරුම පමණයි. ඉංග්‍රීසි පොතක් කියවන අවස්ථාවක දන්නෙ නැති වචනයක තේරුම සොයා ගැනීමට ඒ විදියෙ ශබ්ද කෝෂයක් පාවිච්චි කරන්න පුළුවන් වුණත් ඉංග්‍රීසි ඉගන ගන්න ඒ වගේ ශබ්ද කෝෂයක් පාවිච්චි කරන එක ඒ තරම් ප්‍රායෝගික නෑ. මොකද ඒ වෙනුවෙන් ඔබට ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි.

දැන් ඒ ගැන හිතන්න දෙයක් නෑ. මොකද වසර 20 ක කාලයක් පුරාවට සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් තව දුරටත් ඉංග්‍රීසි වලට බය නොවී, ඔබ හොඳින්ම දන්න සිංහල භාෂාවෙන් ඔබට අවශ්‍ය ඕනෑම වචනයක සිංහල තේරුම සොයා ගන්න පුළුවන් විශිෂ්ඨ නිර්මාණයක් ඔබ වෙනුවෙන් තිළිණ කරලා තියෙනවා.

මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ විශාලතම ශබ්ද කෝෂයෙහි ගෞරවය හිමි වන මෙහි සිංහල වචන 95,000 කට අධික ප්‍රමාණයක් සඳහා සමාන ඉංග්‍රීසි වචන 150,000 අධික ප්‍රමාණයක් නිවැරදි උච්චාරණයන්ද සහිතව දක්වා තිබෙනවා. පිටු 2500 යි.

සිංහල අකාරාදී පිළිවෙළට මෙම සියළු වචන අන්තර්ගත කොට ඇති අතර නාම පද,නාම විශේෂණ,ක්‍රියා පද,ක්‍රියා විශේෂණ,විශේෂ යෙදුම්,ප්‍රශ්නවාචී සර්ව නාම,නිපාත සහ කෙටි යෙදුම් වෙන් වෙන් වශයෙන් පරිච්ඡේද ගත කොට ඇති නිසා ඉතා පහසුවෙන් මෙය භාවිතා කිරීමට ඔබට අවස්ථාව හිමිවෙනවා.

ප්‍රවීන ග්‍රන්ථ රචකයෙකු සහ ඉංග්‍රීසි භාෂා උපදේශකයෙකු වන බුද්ධදාස හේවගේ මහතා විසින් 1998 වසරේ සිට සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් ඔබට තිළිණ වන මෙම වටිනා ශබ්ද කෝෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියද ලැබී තිබෙනවා.

මෙම වටිනා ශබ්ද කෝෂය ඔබගේ නිවසටම,පාසලට හෝ ආයතනයට ගෙන්වා ගැනීමට සහ වැඩි විස්තර සඳහා කතා කරන්න -

071-6834510 හෝ 091-3928484