Saturday, April 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යළිත් අක්‍රීය වෙයි..!

729Views

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි මේ වන විට අක්‍රියවී තිබෙනවා. මෙම තත්ත්වයට ශ්‍රී ලංකාවේ ඇතැම් පරිශීලිකයින් මෙන්ම යුරෝපයේ ඇතුළු රටවල් ගණනාවක පරිශීලකයින් මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

මිට මාසයකට පමණ පෙරද මේ ආකාරයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල අක්‍රිය වූ අතර එයට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අපොහොසත් වුනා.

දිගින් දිගටම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ඇතිවී තිබෙන මෙම අර්බුධකාරී තත්ත්වය සහ පරිශිලිකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයේ ඇතිවී තිබෙන ගැටළු හේතුවෙන් අමෙරිකාවේ පමණක් මිලියන 15ක ෆේස්බුක් පරිශීලිකයින් ඉන් ඉවත්ව ගොස් ඇති බවද පසුගියදා  විදෙස් මාධ්‍ය වාර්තා කළා.