Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අවුරුදු දා බිරිඳගේ නිවසට ගිහින් යකා නටපු සැමියාට ජීවිතය අහිමි වෙයි - ඝාතනය සම්බන්ධයෙන් 4 ක් අත්අඩංගුවට (PHOTOS)

2735Views

අම්බලන්තොට උහපිටගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමක් නිසා සිදූවූ පහරදීමකින් 26 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස මිය ගොස් තිබෙන්නේ අම්බලන්තොට මාමඩල බැමිණියන්විල ප්‍රදේශයේ පදිංචි එස්.එම් කසුන් එරන්දික නැමති අයෙක් බවයි වාර්තා වුනේ.

මියගිය පුද්ගලයා විවාහක අයෙකු වන අතර ඔහු මීට මාස 03කට පමණ පෙර සිය බිරිඳගෙන් වෙන්ව වෙනම නිවසක ජීවත්ව සිට තිබෙනවා. කෙසේ නමුත් අවුරුදු දා රාත්‍රියේ ඔහු තවත් පුද්ගලයින් 4 දෙනෙකු සමඟ බිරිඳගේ නිවසට ගොස් බිරිඳගේ සොහොයුරාට ආයුධයකින් පහර දී  නිවසට ද හානි සිදු කර තිබෙනවා.

මෙම අනතුර සිදුකිරීමෙන් අනතුරුව ඔහු නැවත යමින් සිටිය දී කිසියම් අයෙකු විසින් ඔහු ඝාතනයට ලක්කර තිබෙනවා. කෙසේ වෙතත් හුංගම පොලිසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.