Saturday, April 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මෙතෙක් අවසන් තීරණයක් නැති ක්‍රිකට් තරගාවලියක්

2548Views

පාකිස්ථානයේ පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගී කරවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ලබන ඔක්තෝබර් මාසයේදී ශ‍්‍රී ලංකාව සහ පාකිථානය අතර ටෙස්ට් තරග දෙකක් ලාහෝර් සහ කරච්චි හීදි පැවැත්වීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන්ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දීමක් සිදු කර නොමැති බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අදාළ උසස් නිලධාරියා පැවසුවා.

පාකිස්ථානයේදී අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගි වූයේද ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. 2009 වසරේදී ලාහෝර් නුවරදී ශී‍්‍ර ලංකා පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු කිසිඳු කණ්ඩායමක් පාකිස්ථානයේදී ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගි වූයේ නැහැ.