Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අඹු-සැමි යුවළගේ ඝාතකයන් ගැන ඉඟියක් (PHOTOS)

5049Views

ගලේවෙල දේවහුව එකේ ඇළ  නිවසක  කපා කොටා ඝාතනය කරන ලද බවට සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් ඊයේ (15) රාත්‍රියේ සොයා ගත් බව ගලේවෙල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස්  ඇත්තේ  කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53)  සහ ඔහුගේ බිරිඳ වන අනුලා සුරවීර (51) යන අය බව පොලීසිය කියයි.

මෙම දෙදෙනාගේ පුතුන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට පිටත්ව ගිය අවස්ථාවේ රාත්‍රි 8.00ට පමණ මෙය සිදුව තිබෙන බවයි සැක කරන්නේ. දරුවන්  නැවත නිවසට පැමිණෙන විට නිවෙස ඉදිරිපිට සිය මව සහ පියා ඝාතනය කොට තිබුණු බව ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ඝාතකයන් සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබෙන බවත් එහෙත් පුතුන් දෙදෙනාගේ සහ අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත ඉඩම් ආරවුලක් මුල්කොට ගෙන මියගිය කාන්තාවගේ සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳව බරපතල සැකයක් මතුව තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යෙදවූ බවත් ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු සඳහන් කරනවා.