Saturday, July 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මැයි මාසයේ පුද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 2500කින් ඉහළට..!

5792Views

මැයි මාසයේ සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් (2,500) වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසයි.

2016 වර්ෂයේ අවම වේතන වැටුප් පනතින් පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දස දහසක් (10,000) දක්වා වැඩි කළ අතර ඊට අය  වැය දීමනා පනතින් රුපියල් තුන් දහස් පන්සියයක් එකතු වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම දෙදහස් පන්සියයක මුදල වැඩි වීමත් සමඟ පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් ‍දොළොස් දහස් පන්සියයක් (12,500) වන බවයි. 

ඊට අවශ්‍ය සාකච්ඡා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පසුගියදා (15දා) පැවැත්වූ බවත් එම යෝජනාව ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කොට නිර්දේශ ලබාගත් බවත් අමාත්‍යවරයා පැවැසීය